FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

කුරුවිට බන්ධනාගාරයේ ගැටුමෙන් දෙදෙනෙකු මරුට (Video)

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාවෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කුරුවිට පොලීසිය පැවසීය. මෙම ගැටුම හේතුවෙන් කිහිපදෙනෙකු මේ වනවිට තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ. මෙම බන්ධනාගාරයේ අද (07) උදෑසන මෙම නොසන්සුන්තාව හටගත් අතර, එය පාලනය සඳහා බන්ධනාගාර නිලධාරීන් කඳුළු ගෑස් ප්‍රහාරද එල්ලකළ බව සඳහන් වේ. කුරුවිට බන්ධනාගාර ප්‍රකාශයෙකු සඳහන් කර සිටියේ, ඊයේ (6) රාත්‍රියේ මෙම නොසන්සුන්තාව හටගෙන තිබූ බවත්, පසුව එය පාලනය කිරීමට කටයුතු කළ බවත්ය. කෙසේ නමුත් අද උදෑසන යළිත් රැඳවියන් අතර යළි නොසන්සුන්තාවක් ඇතිව තිබේ. රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලටද අලාභහානි කර ඇති බව වාර්තා වේ.

Google AdSense

In-Article Ad