FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

කොළඹ කොටස් හොල්ලමින් ‘Hela Apparel’ වසා දමයි.. Calvin Klein, Tommy Hilfiger, Michael Kors, NEXT, Tesco මහන්නේ ඔවුන්..

FM Heart · 5 min read

Google AdSense

After Featured Image

කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත ප්‍රමුඛ පෙළේ ඇඟලුම් සමාගමක් වන හෙලා ඇපරල් හෝල්ඩින්ග්ස් පීඑල්සී (Hela Apparel Holdings PLC) සහ එහි ප්‍රධාන අනුබද්ධ සමාගම් වසා දැමීමට එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ. පවතින දැඩි මූල්‍ය අර්බුදය සහ ද්‍රවශීලතා ගැටලු හේතුවෙන් සමාගම තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි වීම මෙම තීරණයට හේතු වී ඇති බව සමාගම විසින් කොළඹ කොටස් වෙළඳපොළ වෙත නිල වශයෙන් දැනුම් දී ඇත. සමාගමේ මූල්‍ය තත්ත්වය, වත්කම්, බැරකම් සහ මෙහෙයුම් කාර්යසාධනය පිළිබඳව සිදුකළ දීර්ඝ සමාලෝචනයකින් අනතුරුව, හෙලා ඇපරල් හෝල්ඩින්ග්ස් පීඑල්සී මෙන්ම එහි අනුබද්ධිත හෙලා ක්ලෝතින් (පුද්ගලික) සමාගම සහ ෆවුන්ඩේෂන් ගාමන්ට්ස් (පුද්ගලික) සමාගම යන ආයතනවලට සිය ණය ගෙවීමට නොහැකි මට්ටමක පවතින බව අධ්‍යක්ෂ මණ්ඩලය නිගමනය කර තිබේ. ඒ අනුව, 2007 අංක 7 දරන සමාගම් පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව අධිකරණ නියෝගයක් මත සමාගම වසා දැමීම සඳහා වන අයදුම්පතක් 2026 අගෝස්තු 05 වන දින බස්නාහිර පළාත් වාණිජ මහාධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. සමාගම සුරක්ෂිත කර ගැනීම සඳහා මීට පෙර අවස්ථාවලදී ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සහ උපායමාර්ගික ආයෝජන වැනි විකල්ප ක්‍රියාමාර්ග රැසක් අත්හදා බැලූ බවත්, එම සියලු උත්සාහයන් අසාර්ථක වීම හෝ වාණිජමය වශයෙන් තවදුරටත් පවත්වාගෙන යා නොහැකි වීම හේතුවෙන් ණය හිමියන්, සේවකයින් සහ අනෙකුත් පාර්ශවකරුවන්ට සිදුවන හානිය අවම කරනු පිණිස මෙම තීරණය ගත් බවත් අධ්‍යක්ෂ මණ්ඩලය වැඩිදුරටත් අවධාරණය කර සිටියි. ශ්‍රී ලංකාව මූලස්ථානය කරගනිමින් ඇඟලුම් ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර කීර්තියක් අත්කරගෙන සිටින හේලා ඇපරල් හෝල්ඩින්ග්ස් පීඑල්සී (Hela Apparel Holdings PLC) සමාගම, වර්තමානය වන විට ලොව ප්‍රමුඛතම බහුජාතික ඇඟලුම් නිෂ්පාදන ජාලයක් ලෙස සිය ආධිපත්‍යය තහවුරු කරගෙන සිටියි. තිරසාර සහ පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලියක් පෙරදැරි කරගත් මෙම සමාගම, ආසියානු සහ අප්‍රිකානු කලාපයන් ආවරණය වන පරිදි සිය මෙහෙයුම් ජාලය පුළුල් කර ඇත. ලෝකයේ ඉහළම ප්‍රසාදයක් දිනා සිටින Calvin Klein, Tommy Hilfiger, Michael Kors, NEXT සහ Tesco වැනි ප්‍රමුඛ පෙළේ විලාසිතා සන්නාම රැසක් සඳහා නිෂ්පාදන සපයන ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස හේලා ඇපරල් කටයුතු කරයි. මීට අමතරව VF Corporation සහ Focus Brands යටතේ පවතින Ellesse සහ Nautica වැනි ක්‍රීඩා සහ ජීවන රටා සන්නාමයන් සඳහා ද ඔවුන් නිෂ්පාදන සපයනු ලබයි. විශේෂයෙන්ම යටඇඳුම් (Intimate wear), ළමා ඇඳුම් (Kids' wear) මෙන්ම ක්‍රීඩා සහ අනියම් ඇඳුම් (Athleisure & Sportswear) නිෂ්පාදනයෙහි හේලා සමාගම සතු විශේෂඥතාව ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක්ව තිබේ. හේලා සමූහය සතු ගෝලීය සේවක බලකාය 13,800 ඉක්මවන අතර, ශ්‍රී ලංකාවට අමතරව කෙන්යාව, ඉතියෝපියාව සහ ඊජිප්තුව යන රටවල උසස් තාක්ෂණික පහසුකම් සහිත නිෂ්පාදනාගාර පවත්වාගෙන යනු ලබයි. එමෙන්ම, එක්සත් රාජධානිය සහ උතුරු ඇමරිකාව කේන්ද්‍ර කරගනිමින් සිය සැලසුම්, අලෙවිකරණ සහ වෙළෙඳනාම කළමනාකරණ කටයුතු මෙහෙයවීමට ද සමාගම පියවර ගෙන ඇත. Hela Apparel Holdings PLC to Cease Operations Amidst Financial Crisis Hela Apparel Holdings PLC, a prominent garment company listed on the Colombo Stock Exchange, has announced its decision to shut down operations, along with its main subsidiaries. This move comes as a response to the severe financial crisis and liquidity challenges that have made continued operations unfeasible. The company officially notified the Colombo Stock Exchange about its predicament, attributing the decision to an exhaustive review of its financial status, assets, liabilities, and operational performance. This review concluded that both Hela Apparel Holdings PLC and its affiliates—Hela Clothing (Private) Ltd and Foundation Garments (Private) Ltd—are unable to meet their debt obligations. In line with provisions under the Companies Act No. 7 of 2007, a petition seeking the company's closure has already been filed with the Western Province Commercial High Court as of August 5, 2026. Efforts to secure the company through various means, such as debt restructuring and strategic investments, had been explored previously. However, the board emphasized that all attempts were unsuccessful or deemed insufficient to sustain operations commercially. The decision aims to minimize damage to creditors, employees, and other stakeholders affected by the impending closure. Founded with a vision to establish an international reputation in the garment industry, Hela Apparel Holdings PLC has emerged as a leading multinational production network. The company has marked its commitment to sustainable and environmentally friendly production processes, expanding its reach across Asian and African markets. Hela Apparel is a principal partner for many globally renowned fashion brands, including Calvin Klein, Tommy Hilfiger, Michael Kors, NEXT, and Tesco. Additionally, it provides products for sports and lifestyle brands such as Ellesse and Nautica, operating under VF Corporation and Focus Brands. Notably, the company specializes in intimate wear, kids' wear, as well as athleisure and sportswear, receiving international acclaim for its expertise in these categories. Hela's global workforce exceeds 13,800 employees, with high-tech manufacturing facilities established not only in Sri Lanka but also in Kenya, Ethiopia, and Egypt. Furthermore, the company has initiated steps to centralize its design, marketing, and brand management operations in the United Kingdom and North America. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad