FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

NDB මූල්‍ය වංචාව හෙළි වූ පසු එහි විගණක ආයතනයට බැංකු විගණනය තහනම්

FM Heart · 2 min read

The Heart Academy
එන්ඞීබී බැංකුව (NDB Bank) සිදුව ඇති රු. බිලියන 13.6ක මූල්‍ය වංචාව අනාවරණයෙන් පසු එහි විගණක ආයතනය වූ Ernst and Young (EY) partners ච්‍රඑබැරි හට තවදුරටත් බැංකු විගණනයන් සිදුකිරීමට නොහැකි වන ලෙස මේ වන විට සීමාවන් පනවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ ආර්.ආර්.එස්. ද සිල්වා ජයතිලක මහත්මිය රජයේ මුදල් කාරක සභාවට අනාවරණය කර ඇත. පසුගියදා රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ එහි සභාපති ආචාර්‍ය හර්‍ෂ ද සිල්වා මහතා අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්‍තමේන්තුවේ අධ්‍යක්ෂ ආර්.ආර්.එස්. ද සිල්වා ජයතිලක මහත්මිය මේ බව පැවසුවාය. අදාළ විගණක ආයතනයට එරෙහිව දැනටමත් නියාමන පියවර ගෙන ඇති අතර ඊට සම්බන්ධ වූ ආයතනයට මින් ඉදිරියට බැංකු විගණන කටයුතුවල නිරත විය නොහැකි බවත් ඇය එහිදී වැඩිදුරටත් කියා සිටියාය. ඊට අමතරව මහ බැංකුවේ නියෝගය පරිදි එම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ ද සාමාජිකයින්ගේ වෙනසක් මේ වන විට සිදු කර තිබේ. මේ ගැන අදහස් දක්වමින් රජයේ මුදල් කාරක සභාවේ සභාපති ආචාර්‍ය හර්‍ෂ ද සිල්වා මහතා කියා සිටියේ මේ කමිටුව ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කිසිවකු දැන සිටියේ නැති බවයි. මූල්‍ය අංශයේ නියාමනය යටතේ මේවා සම්පූර්‍ණයෙන්ම රහසිගත විය යුතු යැයි තමා නොසිතන බවත් එසේ වීමට අවශ්‍ය නැති බවත් ආචාර්‍ය හර්‍ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. ශ්‍යාම් නුවන් ගනේවත්ත
99mobile