FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

IMF සමග දෙවැනි ගමන සූදානම්.. පාර කියන කමිටුව රැස්වෙයි...

FM Heart · 1 min read

The Heart Academy
මෙම කමිටුව මඟින් මෙරට පවතින සාර්‍ව ආර්‍ථික ස්ථාවරත්වය, ණය තිරසාරභාවය සහ මූල්‍ය ප්‍රවණතා පිළිබඳව ගැඹුරු සමාලෝචනයක් සිදුකිරීමට නියමිතව තිබේ. ඒ අනුව, 2027 න් පසුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නව ණය වැඩසටහනකට එළඹෙන්නේද, එසේ නොමැති නම් ස්වාධීනව ඉදිරියට යා හැකි විකල්ප මූල්‍ය ඉන් අනතුරුව, කමිටුවේ අවසන් නිර්‍දේශ සහ යෝජනා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, රටේ ඉදිරි මූල්‍ය දිශානතිය පිළිබඳ තීරණාත්මක තීන්දුව ගනු ලබන්නේ අමාත්‍ය මණ්ඩලය විසිනි. කම්කරු අමාත්‍ය මෙන්ම මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්‍ය පී. නන්දලාල් වීරසිංහ, මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්‍ය හර්‍ෂණ සූරියප්පෙරුම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති මෙන්ම ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්‍ථික උපදේශක දුමින්ද හුලංගමුව සහ ප්‍රමුඛ ආර්‍ථික විද්‍යාඥ දේශාල් ද මෙල් යන මහත්වරු මෙම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
99mobile