FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

තනියම කඩේ යවන්න 'ChatGPT Wallet' එයි.. බැංකු කාඩ් දුන්නම බඩු ගෙනත් දෙයි...

FM Heart · 2 min read

The Heart Academy
මෙම නව විශේෂාංගය මඟින් OpenAI හි 'dots' නමැති කෘත්‍රිම බුද්ධි නියෝජිතයන්ට මිනිස් මැදිහත්වීමකින් තොරව අන්තර්‍ජාල සාප්පු සවාරි කටයුතු සම්පූර්‍ණ කිරීමේ හැකියාව හිමි වේ. මූලික අදියරේදී එක්සත් ජනපදය තුළ වෙසෙන, වයස අවුරුදු 18 සම්පූර්‍ණ වූ 'ChatGPT Pro' ග්‍රාහකයින් සඳහා පමණක් මෙම සේවාව විවෘත වේ. ඇමෙරිකන් එක්ස්ප්‍රස් (American Express), මාස්ටර්‍කාඩ් (Mastercard) සහ වීසා (Visa) යන ලොව ප්‍රමුඛතම ගෙවීම් ජාලයන් සමඟ ඇතිකරගත් සහයෝගීතාවක් මත මෙම පද්ධතිය ගොඩනගා ඇති අතර, එමඟින් පාරිභෝගිකයින්ට සිය පවතින ක්‍රෙඩිට් කාඩ්පත්වල වරප්‍රසාද සහ ආරක්ෂණ ප්‍රතිලාභ නොවෙනස්ව භුක්ති විඳීමේ අවස්ථාව හිමිව තිබේ. මෙම පහසුකම භාවිත කිරීමේදී පරිශීලකයා සිය බැංකු කාඩ්පත් විස්තර එක්වරක් පමණක් පද්ධතියට ඇතුළත් කළ යුතු වේ. අනතුරුව තමන්ට මිලදී ගැනීමට අවශ්‍ය භාණ්ඩය සොයාගන්නා ලෙස තම AI නියෝජිතයාට (dot) උපදෙස් දිය හැකි අතර, භාණ්ඩය තෝරාගැනීමෙන් පසු ඒ සඳහා අවසන් අනුමැතිය ලබාදීම විශේෂිත ආරක්ෂක පරීක්ෂාවක් හරහා සිදුකිරීමට නියමිතය. OpenAI සමාගම තහවුරු කරන්නේ මෙම AI නියෝජිතයන්ට කිසිදු අවස්ථාවක පරිශීලකයාගේ සැබෑ කාඩ්පත් තොරතුරු වෙත සෘජුව ප්‍රවේශ වීමට අවසර නොමැති බවයි. ඒ වෙනුවට, අදාළ ගෙවීම් ජාලයන් හරහා එක් එක් ගනුදෙනුවට පමණක් සීමා වූ සංකේතාත්මක ආරක්ෂිත කාඩ්පත් අංකයක්, ආරක්ෂක කේතයක් සහ කල්ඉකුත්වීමේ දිනයක් අඩංගු ‘ගෙවීම් ටෝකනයක්’ AI නියෝජිතයා වෙත සපයනු ලැබේ. ආරක්ෂිත මෙන්ම භාවිතයට පහසු පදනමක් නිර්‍මාණය කරමින් වෙළෙඳුන් සහ ගෙවීම් ජාලයන් සමඟ ශක්තිමත් සබඳතාවක් ඇතිකර ගැනීම සිය මූලික ඉලක්කය බව OpenAI හි මුදල් ඉපැයීම් හා ගෙවීම් අංශ ප්‍රධානී චායා නායක් CNBC නාලිකාවට පවසා ඇත. 'ChatGPT Wallet' ඔස්සේ සිදුවන මිලදී ගැනීම් හරහා අනාගතයේදී OpenAI සමාගමට නව ආදායම් මාර්‍ගයක් විවෘත විය හැකි වුව ද, ආරම්භක පියවරක් ලෙස මෙහිදී සිදුවන ගනුදෙනුවලින් කිසිදු ප්‍රතිශතයක් හෝ කොමිස් මුදලක් අය නොකිරීමට සමාගම තීරණය කර ඇත. කෙසේ වෙතත්, ස්වයංක්‍රීය AI නියෝජිතයන් හරහා සිදුවන වාණිජ්‍යය හමුවේ ඇතැම් ප්‍රමුඛ සමාගම් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටී. උදාහරණයක් ලෙස, යුනයිටඩ් එයාර්‍ලයින්ස් සමාගම සිය පද්ධතිය හරහා ගුවන් ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට මෙවැනි AI නියෝජිතයන්ට ඇති ප්‍රවේශය අවහිර කර ඇති අතර, ලොව දැවැන්තම අන්තර්‍ජාල වෙළෙඳ සමාගම වන ඇමසන් ද සිය වෙබ් අඩවියෙන් භාණ්ඩ මිලදී ගැනීමට AI නියෝජිතයන්ට ඇති ඉඩකඩ වළක්වා තිබේ. මෙවැනි තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, වෙළෙඳ ආයතන නොදැනුවත්ව සිය වෙබ් අඩවි හරහා OpenAI නියෝජිතයන් අවහිර කිරීම වැළැක්වීම සඳහා වන තාක්ෂණික මාර්‍ගෝපදේශ ද සමාගම විසින් ප්‍රකාශයට පත් කර ඇත.
99mobile