
මදුරුවන් බෝ කරන ස්ථාන සඳහා දඩය රුපියල් 50,000 දක්වා ඉහළට..
FM Heart · 1 min read
දඩ මුදල් සංශෝධනය කිරීම සඳහා වන අදාළ නීති කෙටුම්පත මේ වන විටත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණය සහ උපදෙස් සඳහා යොමු කර ඇති බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය ප්‍රකාශ කරන්නීය. මේ වසර තුළ මේ දක්වා ක්‍රියාත්මක කරන ලද ජාතික ඩෙංගු මර්දන වැඩසටහන් 07ක් ඔස්සේ දිවයින පුරා විවිධ පරිශ්‍ර 459,707ක් පරීක්ෂාවට ලක් කර ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. එහිදී හෙළි වී ඇති සංඛ්‍යාලේඛන අතිශය අවදානම් සහගත තත්ත්වයක් පෙන්නුම් කරන අතර, පාසල් සහ පොදු ස්ථානවල පවතින නොසැලකිලිමත්භාවය ඉන් පැහැදිලි වේ. එම සමීක්ෂණ දත්ත අනුව පරීක්ෂා කරන ලද පාසල් 1,739න් සියයට 34කම මදුරුවන් බෝ වන ස්ථාන හඳුනාගෙන ඇත. පරීක්ෂාවට ලක් කළ ආගමික ස්ථාන 1,911න් සියයට 21ක මදුරු කීටයන් සහිත ස්ථාන හමුවී තිබේ. රාජකාරි හා රාජ්‍ය ආයතන 2,909න් සියයට 20ක මදුරුවන් බෝ වන පරිශ්‍ර හඳුනාගෙන ඇත. පරීක්ෂා කෙරුණු සමස්ත නිවාස 372,387න් සියයට 08ක මදුරුවන් බෝ වන ස්ථාන වාර්තා වී තිබේ. මේ අතර, ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ කටයුතු වඩාත් කාර්යක්ෂමව හා කඩිනමින් සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් විශේෂ 'ඩෙංගු මදුරු මර්දන මෙහෙයුම් කාර්යාලයක්' ද පසුගිය 09 වැනිදා ස්ථාපිත කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

