
හිටපු ජනපතිලා වෙනුවෙන් 2027 අයවැයෙන් රුපියල් මිලියන 34ක් වෙන්කරයි
FM Heart · 1 min read
2027 අයවැය යටතේ ජනාධිපති වැය ශීර්‍ෂයෙන් හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රුපියල් මිලියන 34ක මුදලක් වෙන්කර ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල ඊයේ පාර්‍ලිමේන්තුවේදී පැවසීය. එසේම ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 6,500ක් වෙන් කර ඇති බවත්, ජනාධිපතිවරයාගේ වැය ශීර්‍ෂය යටතේ වෙන්කර ඇති විශාලතම මුදල එය බවත් අමාත්‍යවරයා අනාවරණය කළේය. අතීතයේ මෙන් නොව, ජනාධිපතිවරයා විසින් සිය පවුලේ සාමාජිකයන්, හිතවතුන් හෝ දේශපාලන පක්ෂ වෙනුවෙන් මුදල් වෙන් කර නොමැති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

