
සුවසැරියට නව ගිලන් රථ 100ක් ඉන්දියාවෙන් ප්‍රදානයක් ..
FM Heart · 1 min read
එම මූල්‍ය ප්රදානය ලබාගැනීම පිණිස ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර අවබෝධතා ගිවිසුමකට එළැඹීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. වර්තමානය වන විට සුවසැරිය සේවාව සතුව පවතින ගිලන් රථ 322 මඟින් දිනකට රෝගී ප්‍රවාහන අවස්ථා 1,000ත් 1,200ත් අතර සංඛ්‍යාවක් හසුරුවන අතර, එම රථ වාර්ෂිකව කිලෝමීටර මිලියන 9කට අධික දුරක් ධාවනය වේ. මෙලෙස අඛණ්ඩව අධික ධාවනයක යෙදවීම හේතුවෙන් දැනට භාවිත වන ගිලන් රථවල නිතර කාර්මික දෝෂ හටගැනීමේ ප්‍රවණතාවක් මතුව තිබිණි. මේ හේතුවෙන් පැන නැඟී ඇති ගැටලුව සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා රජය කළ විශේෂ ඉල්ලීමකට අනුව, නව ගිලන් රථ 100ක් මිලදී ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ප්‍රදානයක් ලෙස ලබාදීමට ඉන්දීය රජය සිය එකඟතාව පළ කර තිබේ.

