
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග STF අත්අඩංගුවට ගත් තරුණයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයට
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග බණ්ඩාරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් 23 හැවිරිදි තරුණයා වැඩිදුර විමර්‍ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය වෙත භාරදී තිබෙනවා. රුපියල් කෝටි ගණනක් වටිනා ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18 කට අධික තොගයක් සමඟ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්‍ය බලකායේ මූලස්ථාන විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව බණ්ඩාරගම, මස්විල, වෙන්දේසි වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක සිදුකළ ක්ෂණික වැටලීමකදීයි. සැකකරු පානදුර කුඩු සලිදුශේ මත්ද්‍රව්‍ය ජාලයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වෙන දැනට විදෙස් ගතව සිටින ඩුබායි රව්ෂ්ක යන අයශේ අනුගමිකයකු බවට අනාවරණ වී තිබෙනවා. සිදුකළ මෙහෙයුම් දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18 යි ග්‍රෑම් 672 ක්, විද්‍යුත් තරාදියක් සහ ජංගම දුරකථන 02 ක් පොලිස් විශේෂ කාර්‍ය බලකා භාරයට ගෙන තිබෙනවා. .
Google AdSense
In-Article Ad

