
ලබන වසරේ පාසල් පවත්වන දින වකවානු ප්‍රකාශයට
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
2027 වර්‍ෂයට අදාළ පාසල් වාර සටහන, රජයේ නිවාඩු දින දර්‍ශනය සහ ප්‍රධාන විභාග පැවැත්වෙන කාලවකවානු ඇතුළත් චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. ඒ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින්. ඒ අනුව රජයේ නිවාඩු දින හා විභාග කාලසටහන් සලකා බලමින් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් මෙන්ම පිරිවෙන් දින 197ක් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. ලබන වසරේ පළමු පාසල් වාරය ජනවාරි 4 වනදා සිට අප්‍රේල් 9 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. දෙවනි පාසල් වාරය පැවැත්වෙන්නේ අප්‍රේල් 26 සිට ජූලි 30 වනදා දක්වා බවයි අදාළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ. තුන්වන පාසල් වාරය අගෝස්තු 30 වනදා සිට දෙසැම්බර් 3 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ අනුව ලබන වසරේ උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේත් සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මාසයේත් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. .
Google AdSense
In-Article Ad

