FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

රුමේෂ් තරංග ස්විට්සර්‍ලන්තයේදී අද තීරණාත්මක තරගයක

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ශ්‍රි ලංකාවේ හෙල්ල විසි කිරීමේ ශූරයා වන රුමේෂ් තරංග සහභාගි වන තවත් තීරණාත්මක තරගයක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, ස්විට්සර්‍ලන්තයේ ලෝසෑන් ඩයමන්ඩ් ලීග් තරගාවලියේදීයි. මෙම තරගය දෙස බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇත්තේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථාන දෙකේ සිටින ක්‍රීඩකයින් දෙදෙනා වන ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සහ ජර්‍මනියේ ජූලියන් වෙබර් මෙම වසරේදී එකිනෙකා හමුවන ප්‍රථම අවස්ථාව මෙය වීම හේතුවෙන්. රුමේෂ් තරංග මෙම වසර්‍දී ඔහුගේ හොදම හෙල්ල විසි කිරීමේ දක්‍ෂතාව ලෙස මීටර් 91.51 දුරක් වාර්‍තා කිරීමට සමත් වුණා. ඒ, රෝම ඩයමන්ඩ් ලීග් තරගාවලියේදීයි. ඉන් අනතුරුවද මීටර් 90 සීමාව ඉක්මවා යන දක්‍ෂතා දැක්වූ ඔහු මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය මලල ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දීමට ද සමත් වුණා. මෙම වසරේදී රුමේෂ් තරංග හැර වෙනත් කිසිදු ක්‍රීඩකයෙකු හෙල්ල විසි කිරීමේ ඉසව්වේදි මෑතක් වන තුරු මීටර් 90 සීමාව ඉක්මවා යාමට සමත් වුණේ නැහැ. කෙසේවෙතත් රුමේෂ්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් අත්දැකීම් සපිරි ජූලියන් වෙබර් මීට දින කිහිපයකට පෙර යුරෝපා මලල ක්‍රීඩ තරගාවලියේදී මීටර් 90. 40 දක්‍ෂතාවක් දැක්වීමට සමත් වුණා. ඒ, මෙම වසරේදී මීටර් 90 සීමාව ඉක්ම වූ ලොව දෙවනි හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයා ලෙස පත්වෙමින්. ඒ අනුව 23 හැවිරිදි යොවුන් ක්‍රීඩක රුමේෂ් තරංග සහ 31 හැවිරිදි අත්දැකීම් සපිරි ජූලියන් වෙබර් එකිනෙකා හමුවන ස්විට්සර්‍ලන්තයේදී අද පැවැත්වෙන මෙම තරගය මෙම වසරේ උණුසුම්ම තරගයක් බවට පත්වනු ඇති බවටයි ක්‍රීඩා විචාරකයින් මත පළ කරන්නේ. .

Google AdSense

In-Article Ad