
මොණරාගලදී පස් දෙනෙකුට මරු කැදවු සිද්ධියට ටිපර් සහ ට්‍රැක්ටර් රථ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
වැල්ලවාය – මොණරාගල මාර්‍ගයේ කුඹුක්කන ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරින් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ දොඩම්ගස්ලන්ද, බුත්තල සහ හොරබොක්ක ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයන් පස් දෙනෙකු බව පොලීසිය පවසනවා. ඔවුන් අවුරුදු 21, 26, 31, 55 හා 56 යන වයස්වල පසුවූවන් බවයි මොණරාගල පොලීසිය පැවසුවේ. වැල්ලවාය දෙසට ධාවනය වූ ටිපර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පුද්ගලයින් 10 දෙනෙකු රැගත් ට්‍රැක්ටර් රථයක ගැටී අද අලුයම එම අනතුර සිදුව තිබෙනවා. අනතුරින් එම ට්‍රැක්ටර් රථයේ ගමන්ගත් පුද්ගලයින්ගෙන් 08 දෙනෙකු බරපතල තුවාල ලබා මොණරාගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඒ අතර සිටි පුද්ගලයින් 05 දෙනෙකු එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ. ඉතිරි පුද්ගලයන් තිදෙනා තවදුරටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. අනතුරට සම්බන්ධ ටිපර් රථ රියදුරා හා ට්‍රැක්ටර් රථ රියදුරා අත්අඩංගුවට ගත් බවයි මොණරාගල පොලීසිය වැඩිදුරටත් පැවසුවේ. .
Google AdSense
In-Article Ad

