
නන්දා මාලනී පැතූ ලෝකය දැන් ගොඩනැගෙන්න පටන් අරන්.. ඇයට ඒ ගැන සතුටක් ඇති..- ටිල්වින්
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, නන්දා මාලිනී මහත්මිය සිය ගීත කලාව ඔස්සේ අලුත් සමාජයක්, අලුත් රටක් සහ අලුත් ලෝකයක් පිළිබඳ බලාපොරොත්තු ජනිත කළ බවයි. විශේෂයෙන්ම සමාජ වෙනසක් වෙනුවෙන් සටන් කරන ජනතාවට ඇයගේ ගීත විශාල දිරියක් සහ ශක්තියක් වූ බවත්, එම නිර්මාණ කාර්යයේදී මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඉටුකළ මෙහෙවරද ඔහු මෙහිදී කෘතවේදීව සිහිපත් කළේය. "ඇය ප්රාර්ථනා කළ ඒ අලුත් ලෝකය දැන් ගොඩනැගෙන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා ඇයට ඒ ගැන සතුටක් ඇති කියලා මම විශ්වාස කරනවා," යැයි පැවසූ ටිල්වින් සිල්වා මහතා, ඇය සැමවිටම ජනතාව සමඟ සමීපව ජීවත් වූ කලාකාරිනියක බවද අවධාරණය කළේය. මෙම මහා කලාකාරිනියගේ අභාවය මුළු රටටම පිරිමැසිය නොහැකි පාඩුවක් බවත්, ඇයගේ ජීවිතය තුළින් සමාජයට උගත හැකි පාඩම් බොහෝමයක් පවතින බවත් පෙන්වා දුන් ඒ මහතා, ඇය වෙනුවෙන් සමස්ත ජනතාවගේ ගෞරවය සහ ප්රණාමය හිමිවිය යුතු බව පවසමින් සිය අදහස් දැක්වීම අවසන් කළේය.
Google AdSense
In-Article Ad

