FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මිනුවන්ගොඩදී STF වැටලීමක්එක් කෝටි දස ලක්ෂයක හෑෂ් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මිනුවන්ගොඩ දොඹවල, අඹගහවත්ත හංදිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්‍ය බලකායේ ගෝනහේන කදවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදීයි. ඔහු සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 11යි ග්‍රෑම් 844 ක් සොයාගෙන තිබෙනවා. එම හෑෂ් තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි දස ලක්ෂයක් පමණ වනවා. සැකකරු දොඹවල, උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කෙහෙල්බද්දර පත්මේ’ ගේ අනුගාමිකයෙකු වන, දැනට ඉතාලියේ සිට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ‘මල්ක’ නැමැත්තාගේ ගෝලයෙකු වනවා. සැකකරු වැඩිදුර විමර්‍ශන කටයුතු සඳහා මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්‍ය බලකාය වැඩිදුරටත් පැවසුවේ. .

Google AdSense

In-Article Ad