FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

කුලය කියන මංගල දැන්වීම් තහනම් කරන්නෑ..- පෝල්‍රාජ්

FM Heart · 2 min read

The Heart Academy
අමාත්‍යවරියගේ මාධ්‍ය ලේකම්ගේ අත්සනින් යුතුව 2026 නොවැම්බර් 25 වැනිදා නිකුත් කළ පැහැදිලි කිරීමේ නිවේදනයක දැක්වෙන්නේ, අමාත්‍යවරිය සිදු කළ ප්‍රකාශයක් සම්පූර්‍ණයෙන්ම සන්දර්‍භයෙන් බැහැර කර විකෘති කරමින් ඇතැම් මාධ්‍ය මෙලෙස අසත්‍ය පුවත් වාර්‍තා කර ඇති බවයි. 2026 නොවැම්බර් 23 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්‍තමේන්තුවේදී, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමේ දින 16ක ජාතික ක්‍රියාකාරිත්වය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්‍රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී මාධ්‍යවේදියෙකු විසින් විවාහ දැන්වීම් තුළ කුලය වැනි සමාජ නිර්‍ණායක සඳහන් කරමින් පළ කරන දැන්වීම් හරහා සමාජයේ පිරිස් හිංසනයට සහ වෙනස්කම් කිරීම්වලට ලක්වන බව පෙන්වා දෙමින්, ඒ සම්බන්ධයෙන් රජය මැදිහත් විය යුතු නොවේදැයි විමසා තිබූ බව එම නිවේදනයේ සඳහන් වේ. ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය සඳහන් කර ඇත්තේ, විවාහ මංගල දැන්වීම් වැනි දෑ සම්බන්ධයෙන් පෞද්ගලිකව ගන්නා තීරණයක් නොසලකා හැර කටයුතු කළ හැකි කාරණා පවතින බවයි. කෙසේ වෙතත් ඊට සමගාමීව ලංකාවේ සමාජයේ ගැහැනු පිරිමි දෙපාර්‍ශ්වයම නොමඟ යවන, මිථ්‍යාව වපුරන වෙළෙඳ දැන්වීම් ඕනෑ තරම් පවතින බවත්, වශී ගුරුකම් සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන "තෙල් බින්දුවක් ආලේප කරගත්තම..." වැනි සමාජය හා දරු පරපුර නොමඟ යවන ඉතා පහළ මට්ටමේ වෙළෙඳ දැන්වීම් පවතින බවත් අමාත්‍යවරිය එහිදී පෙන්වා දී ඇත. මේ සියල්ලම සැලකිල්ලට ගෙන මාධ්‍ය සඳහා ආචාර ධර්‍ම පද්ධතියක් හඳුන්වා දීමේ නීතිය ගෙන එන බවට ප්‍රකාශ කළේ එබැවින් බවත්, මිනිසුන්ගේ මනෝභාවය වෙනස් කරමින් ඕනෑම සමාජයක් ගමන් කළ යුත්තේ ආපස්සට නොව ප්‍රගමනය කරා ඉදිරියට බවත් අමාත්‍යවරිය එම මාධ්‍ය හමුවේදී පවසා ඇති බව අමාත්‍යාංශ නිවේදනයේ උපුටා දක්වා තිබේ. ඒ අනුව අමාත්‍යවරියගේ ප්‍රකාශය තුළ කිසිදු ආකාරයකින් විවාහ මංගල දැන්වීම් නියාමනය කිරීමක් හෝ කිසිදු සංස්කෘතික අනන්‍යතාවක් විවේචනය කිරීම, ප්‍රශ්න කිරීම හෝ තහනම් කිරීමක් පිළිබඳ අදහසක් ඉදිරිපත් කර නොමැති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.
99mobile