
අපනයන ආදායමේ 6.03% ක ඉහළ යාමක්
FM Heart · 1 min read
මේ වසරේ (2026) මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 15.28 දක්වා ළඟා වී ඇත. එය 2025 වසරේ මුල් මාස දහයේ වාර්තා වූ ඇමරිකානු ඩොලර් බිලියන 14.41 ට සාපේක්ෂව සියයට 6.03 ක ඉහළ යාමක් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. මෙම වර්ධනය සදහා වෙළඳ භාණ්ඩ අපනයන සහ සේවා අපනයන යන අංශ දෙකෙහිම වර්ධනය සහාය වී ඇත. ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද නවතම අපනයන කාර්යසාධන දත්තවලට අනුව සහ මැණික් හා ස්වර්ණාභරණ මෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදන අපනයනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද ඇස්තමේන්තුවලට අනුව, 2026 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 12.01 ක් දක්වා සියයට 5.72 කින් සහ සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 3.27 ක් දක්වාසියයට 7.20 කින් ඉහළ ඇත. ශ්‍යාම් නුවන් ගනේවත්ත

