
ආනන්ද පාලිත යළි රිමාන්ඩ්
FM Heart · 1 min read
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අතිකාල දීමනා වංචා චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා දෙසැම්බර් මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. මධ්‍යම අපරාධ විමර්‍ශන කාර්‍යාංශය විසින් පසුගිය 16 වැනිදා අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත මහතා නොවැම්බර් මස 17 වැනිදා අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (25) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

