
පඩි වැඩි වෙලා නෑ කියන අය පඩිපත අතට අරන් බලන්න..- නාමල්
FM Heart · 1 min read
මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, වැටුප් වැඩි කිරීමක් සිදු නොවූ බවට යම් රාජ්‍ය සේවකයෙකු චෝදනා කරන්නේ නම්, එළඹෙන දෙසැම්බර් මාසයේදී අතට ලැබෙන වැටුප් පත සහ ඊළඟට ලැබෙන ජනවාරි මාසයේ වැටුප් පත පරීක්ෂා කර බැලිය යුතු බවයි. දෙසැම්බර් මාසයේ වැටුපට සාපේක්ෂව ජනවාරි මාසයේ වැටුප් පතෙහි කෙතරම් වෙනසක් සිදුව ඇත්දැයි එමඟින් රාජ්‍ය සේවකයින්ටම ප්‍රායෝගිකව තහවුරු කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

