
නව කම්කරු නීති සම්පාදනය සඳහා මහජන අදහස් හා යෝජනා විමසීම මධ්‍යම පළාතේදී
FM Heart · 1 min read
ශ්‍රී ලංකාවේ කම්කරු නීති පද්ධතිය නවීකරණය කිරීමේ අරමුණින් යෝජිත නව කම්කරු නීති සම්බන්ධයෙන් මහජන අදහස්, යෝජනා සහ ප්‍රතිචාර ලබාගැනීමේ වැඩසටහනක් කම්කරු අමාත්‍යාංශය මගින් සංවිධානය කර තිබේ . මෙම වැඩසටහන මධ්‍යම පළාත කේන්ද්‍ර කර ගනිමින් 2026 නොවැම්බර් 29 වැනි ඉරිදා පෙ.ව. 9.30 සිට ප.ව. 1.00 දක්වා මහනුවර පිහිටි මධ්‍යම කලාප නියෝජ්‍ය කම්කරු කොමසාරිස් කාර්‍යාලයේදී පැවැත්වීමට නියමිතය . මෙම වැඩසටහන මගින් පහත සඳහන් අරමුණු ඉටුකර ගැනීමට අපේක්ෂා කෙරේ: සේවා යෝජකයන්, සේවකයන්, වෘත්තීය සමිති නියෝජිතයන්, විවිධ වෘත්තීය ක්ෂේත්‍රයන්හි නියුතු පුද්ගලයන් සහ අනෙකුත් උනන්දුවක් දක්වන පාර්‍ශ්වයන් සහභාගී කර ගැනීම නව කම්කරු නීතිය පිළිබඳ තම අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීම වඩාත් සාධාරණ, කාර්‍යක්ෂම සහ කාලීන කම්කරු නීති පද්ධතියක් ගොඩනැගීම නව කම්කරු නීති කෙටුම්පත් [https://labourmin.gov.lk/en/special-notices](https://labourmin.gov.lk/en/special-notices) යන සබැඳිය ඔස්සේ හෝ දැන්වීමේ ඇති QR කේතය මගින් බාගත කරගත හැකිය . වැඩසටහනට සහභාගී වීමට අපේක්ෂා කරන පාර්‍ශ්වයන් 2026.11.27 දිනට පෙර 0112-582 046 දුරකථන අංකය මගින් හෝ legal@labourmin.gov.lk විද්‍යුත් ලිපිනය හරහා සිය සහභාගීත්වය තහවුරු කරන ලෙස කම්කරු අමාත්‍යාංශය දැනුම් දෙයි .

