FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

පංතියෙන් බාගයක් පාපුවරුවේ..

FM Heart · 2 min read

The Heart Academy
මෙම මාර්‍ගවල නිසි ලෙස ලංගම බස් රථ ධාවනය නොවිමත් සමග මෙකි මාර්‍ගවල ධාවනය වන සමහර පුද්ගලික බස් රථවල මෙසේ අධික ලෙස මගින් රැගෙන යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ බස් මගින් පිරිසක් පවසනුයේ මෙම මාර්‍ගවල ලංගම බස් රථ නිසි ලෙස ධාවනය නොවිමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්‍ය. ලංගම බස් රථ මෙකි මාර්‍ගවල නිසි ලෙස ධාවනය නොවිමෙන් එම මාර්‍ගවල ධාවනය වන පුද්ගලික බස් රථවල පාසල් සිසුන්, මස්කෙළිය හා දික්ඔය ග්ලැන්කන් රෝහල්වල විවිධ සායන සදහා යන ගැබිනි මවුවරුන්, රෝගින්, මෙනන්ම සමන්‍ය බස් මගින්ටද අධික ලෙස මගින් රැගෙන යන පුද්ගලික බස් රථවල තෙරපි ගමන් කිරිමට සිදුව ඇති බවත් මෙම තත්‍යවන් මත වීශේෂයෙන් ගැබිනි මවුවරුන් හා රෝගින් දැඩි දුෂ්කරථාවයන්ට පත්වන බවත්‍ය. එමෙන්ම මෙකි සමහර පුද්ගලික බස් රථවල පාපුරුවේ මගින් එල්ලාගෙන යාම තුල එම මගින් මාරයාට අත වැනිමක් වැනි විවිධ අනතුරුවලට ලක් විමේ අවදානමක් පවතින බවත් මෙම බස්‍රථවල පාපුරුවල මගින් එල්ලාගෙන ගියද එවන් බස් රථවලට නිතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරිමට අදාල නිලධාරින් පියවර නොගැනිම දැඩි කනගාටුවට කරුනක් බවද එම පිරිස් පවසති. මෙම තත්වයන් පිලිබදව අවදානය යොමු කර මෙම මාර්‍ගවලට ලංගම බස් දෙකක් හෝ යෙදවිමට හැටන් ලංගම ඩිපෝව මතින් පියවර ගන්නේ නම් එය මෙම ප්‍රදේශයේ සමස්ථ බස් මගින්ටම කරනු ලබන විශාල සේවයක් මෙන්ම මගි ජිවිත බේරා ගැනිමට කරනු ලබන විශාල පුණ්‍යකර්‍මයක් බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.
99mobile