FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ජොන්ස්ටන්ට අත්හිටවූ සිර දඬුවම් නියම කෙරේ..

FM Heart · 1 min read

The Heart Academy
නීතිවිරෝධී අන්දමින් සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් අද (25) ප්‍රකාශයට පත් කරන ලදී. අධිකරණය ලබාදුන් තීන්දුව ප්‍රකාරව, හිටපු අමාත්‍යවරයාට එරෙහිව ගොනු කර තිබූ චෝදනා තුන සඳහා වෙන් වෙන් වශයෙන් දඬුවම් නියම කිරීමට මහෙස්ත්‍රාත්වරයා පියවර ගත්තේය. ඒ අනුව පළමු චෝදනාව සඳහා රුපියල් 5,000ක දඩ මුදලක් නියම කළ අතර, එම දඩය ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් මාස තුනක සිරදඬුවමක් ක්‍රියාත්මක වන බව අධිකරණය නියෝග කළේය. දෙවැනි චෝදනාව වෙනුවෙන් රුපියල් ලක්ෂයක (100,000) දඩයක් සහ මාස හයක ලිහිල් සිරදඬුවමක් නියම කළ මහෙස්ත්‍රාත්වරයා, එම සිරදඬුවම වසර පහක කාලයක් සඳහා අත්හිටුවීමට නියම කර තිබේ. එමෙන්ම තුන්වැනි චෝදනාවට අදාළව රුපියල් 25,000ක දඩයක් නියම කර ඇති අතර, එම දඩ මුදල නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් සිරදඬුවමක් විඳීමට සිදුවන බව ද අධිකරණ තීන්දුවෙහි සඳහන් වේ.
99mobile