FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය

FM Heart · 2 min read

The Heart Academy
විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට ඉදිරි මැතිවරණවලදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සලසා දීම සඳහා රජය මූලික කටයුතු ආරම්භ කර තිබේ. දීර්‍ඝ කාලයක සිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් සිදු කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් රජය මෙම තීරණය ගෙන ඇති අතර, ඊට අදාළ වාර්‍තා මේ වන විට අධ්‍යයනය කරමින් පවතින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේය. ඡන්දය ප්‍රකාශ කිරීමට යෝජිත ක්‍රමවේද දෙකක් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ කමිටුවක් විසින් සහ මැතිවරණ කොමිෂන් සභාව විසින් වෙන වෙනම වාර්‍තා දෙකක් ඉදිරිපත් කර ඇත. එහිදී ප්‍රධාන යෝජනා දෙකක් ඉදිරිපත් වී තිබේ: තානාපති කාර්‍යාල හරහා ඡන්දය ප්‍රකාශ කිරීම: විදේශීය තානාපති කාර්‍යාලවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සිය වාර්‍තාවෙන් යෝජනා කර ඇත. මාර්‍ගගත (Online) ක්‍රමවේදය: අන්තර්‍ජාලය ඔස්සේ මාර්‍ගගත ආකාරයට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසිය යුතු බව අමාත්‍යාංශ කමිටුව විසින් යෝජනා කර තිබේ. මෙම ක්‍රියාවලිය සාර්‍ථක කර ගැනීම සඳහා සුවිශේෂී තාක්ෂණික වැඩපිළිවෙළක් අවශ්‍ය වන බැවින් ඒ සඳහා මූලික පියවර ගනිමින් සිටින බව අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් පැවසීය. දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා ලබන මාසයේදී මේ අතර, පළාත් සභා හැර අනෙකුත් මැතිවරණ සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන ආකාරය පිළිබඳව අදහස් විමසීම සඳහා සියලුම දේශපාලන පක්ෂ ලබන මාසයේ කැඳවීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්‍ය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කළේය. දත්ත මගින් හෙළිවන විදෙස්ගත ශ්‍රී ලාංකික ජනගහනය විදේශයන්හි ජීවත් වන හෝ සේවය කරන සමස්ත ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව ලක්ෂ 30ක් පමණ වන බවට ඇස්තමේන්තු කර ඇති අතර, ජාත්‍යන්තර හා දේශීය වාර්‍තා මගින් ඒ පිළිබඳව දත්ත අනාවරණය කරයි මෙම විශාල ජන සංඛ්‍යාවට මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට සෘජුවම දායක වීමට අවස්ථාව සැලසීම ඉදිරි මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇත.
99mobile