FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

මුදල් අච්චු ගසන්නේත් නෑලු.. ණය ගන්නේත් නෑලු.. ඒත් උද්ධමනය ඉහළ යනවා..- රවි පුදුමයෙන්

FM Heart · 2 min read

The Heart Academy
පසුගිය ආණ්ඩු මුදල් අච්චු ගසන බවට සහ විදෙස් ණය ලබා ගන්නා බවට චෝදනා කළ වත්මන් රජය, මුදල් අච්චු ගසන්නේත් නොමැති නම් සහ ණය ලබා ගන්නේත් නොමැති නම් උද්ධමනය ඉහළ යන්නේ කෙසේදැයි පාර්‍ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ප්‍රශ්න කළේය. අයවැය සහ රටේ වත්මන් ආර්‍ථික තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ආර්‍ථික කළමනාකරණය සම්බන්ධයෙන් කරුණානායක මහතා කරුණු රැසක් අනාවරණය කළේය. පොලී අනුපාතය අයවැය කෙරෙහි බලපාන ආකාරය පිළිබඳව විමසා සිටි ඒ මහතා, අයවැය සඳහා මුදල් වෙන් කිරීම පිළිබඳව ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කළ යුතු බව පෙන්වා දුන්නේය. එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව ද නිසි පුරෝකථන සිදු කරමින් සැලසුම්සහගතව කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කළේය. මහ බැංකුව විසින් ඉදිරිපත් කරන ලද වගුවක් පවතින බවත්, තමන්ට එය ඉදිරිපත් කළ හැකි බවත් රවී කරුණානායක මහතා සඳහන් කළේය. මේ අතර, විදුලි වාහන මෙරටට ගෙන්වීම ඉතා යහපත් ක්‍රියාවක් බව ද මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළේය. මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සඳහා බදු පනවමින් සිටින බවයි. රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සම්බන්ධයෙන් ගැටලු පවතින බව පෙන්වා දුන් ඒ මහතා, රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය නොවන බවට මීට පෙර ප්‍රකාශ කර තිබූ බව ද සිහිපත් කළේය. තවද, මෙරට ඉන්ධන සහ ගෑස් මිල ගණන් වෙනත් රටවල් සමඟ සංසන්දනය කළ නොහැකි බව ද රවී කරුණානායක මහතා වැඩිදුරටත් පැවසීය.
99mobile