
දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ
FM Heart · 1 min read
පවතින වර්‍ෂාපතනය සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දැදුරු ඔය ජලාශයට එකතුවෙන ජල ප්‍රමාණය පාලනය කර ගැනීම සඳහා මේ වන විට එම ජලාශයේ වාන්දොරටු 6ක් අඩිය බැගින් විවෘත කර ඇති බව වාරිමාර්‍ග දෙපාර්‍තමේන්තුව පවසනවා. ඒ අනුව තත්පරයට ඝණ අඩි 4200ක් ජල ප්‍රමාණයක් මේ වන විට දැදුරු ඔය වෙත නිකුත් කරමින් පවතින බවයි එම දෙපාර්‍තමේන්තුව පැවසුවේ. විශේෂයෙන් ම ජලාශයෙන් පහළ දැදුරු ඔය ආශ්‍රිත පදිංචි ජනතාව ඉදිරියේදී ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය හා වර්‍ෂාපතනය අනුව වාන් දොරටු විවෘත කිරීමේ ප්‍රමාණයක්ද වෙනස් විය හැකියි. ඒ අනුව වාරිමාර්‍ග දෙපාර්‍තමේන්තුව හා ආපදා කළමනාකරන අංශ මගින් නිකුත් කරන නිවේදන අනුව කටයුතු කිරීම හා ගංගාවේ ජල මට්ටම් වෙනස්වීම් පිළිබඳ ව අවධානයෙන් කටයුතු කිරීම ෛඉතාමත්ම වැදගත් වනවා. .

