
උතුරේ මහවිරු සමරන්න සරසති.. කොටි කොටි සමග ‘ජනා’ අත්අඩංගුවට..
FM Heart · 2 min read
23 වැනිදා රාත්‍රියේ කිලිනොච්චිය නගරයේදී මෙම පිරිස පොලිස් භාරයට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේදී තවත් පිරිසක් ඊට එරෙහිව ඝෝෂා නඟමින් කලහකාරී ලෙස හැසිරී ඇත. කෙසේ වෙතත්, එම විරෝධතා නොතකා අදාළ පිරිස පොලිස් ස්ථානය වෙත රැගෙන යාමට පොලිසිය කටයුතු කර ඇත. මෙම පිරිස සන්තකයේ තිබී මෙරට තහනම් සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නිල ලාංඡනය ඇතුළත් කොඩියක් මෙන්ම සැරසිලි තොගයක් ද පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබේ. පොලිස් භාරයට ගත් අටදෙනාගෙන් වෙන වෙනම ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් මුදාහැරීමට පියවර ගෙන ඇති අතර එල්.ටී.ටී.ඊ. කොඩිය ඇතුළු සැරසිලි ද්‍රව්‍ය නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලිස් භාරයේ රඳවා තබාගෙන ඇත. මුදාහැරිය පුද්ගලයන් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි නීතිමය ක්‍රියාමාර්‍ග පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට තොරතුරු වාර්‍තාවක් යොමු කිරීමට පොලිසිය සැලසුම් කර ඇත. මේ අතර, යාපනය, මුලතිව් සහ කිලිනොච්චිය ඇතුළු උතුරු පළාතේ ප්‍රදේශ රැසකම ප්‍රභාකරන්ගේ උපන් දිනය ඉලක්ක කර ගනිමින් මෙවැනි සැරසිලි කටයුතු සිදුවෙමින් පවතින බව වාර්‍තාවේ. ලැබී ඇති තොරතුරුවලට අනුව, උතුරේ මෙම සැමරුම් කටයුතු මෙහෙයවනු ලබන්නේ එල්.ටී.ටී.ඊ. නියෝජිතයෙකු බවට සැක කෙරෙන 'ජනා' නමැත්තෙකු විසින් බවත්, දෙමළ ඩයස්පෝරාවෙන් ලැබෙන මූල්‍ය ප්‍රතිපාදන මත ඔහු මෙම කටයුතු සංවිධානය කරන බවත් හෙළි වී තිබේ. එමෙන්ම ප්‍රභාකරන්ගේ උපන් දිනය යෙදෙන 26 වැනිදා වෙළෙඳසල් වසා දමන ලෙසට එම පුද්ගලයා විසින් උපදෙස් ලබා දී ඇති බවට ද බුද්ධි අංශ වෙත වාර්‍තා වී ඇතැයි සඳහන් වේ.

