
ගමන තව දුර ඇත…!
FM Heart · 1 min read
වෙනදා රටේ රාජ්‍ය නායක උපන් දිනවල දක්නට ලැබෙන ජන්ම දින සුබ පැතුම් උත්සව නැතිව ඊයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය 58 වැනි ජන්ම දිනය සැමරීය. මේ රටේ සාම්ප්‍රදායික දේශපාලනයේ බැමි බිඳ දමමින් රටේ රාජ්‍ය නායකත්වයට පත්වූ ඔහු මාතලේ දේවහූව ප්‍රදේශයේදී 1968 නොවැම්බර් 24 දා ජන්මලාභය ලැබීය. ‘තවත් අවුරුද්දකින් වයසට ගියත් අරගලය තාම තරුණයි’ ඔහුට සුබ පතමින් ඇතැමකු මුහුණුපොතේ සටහනක් ද තබා තිබිණි.

