FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

විචිත්‍ර ධර්‍ම කථික කැටවල හේමාලෝක හිමියෝ දිවි ගමන නිම කරති

FM Heart · 1 min read

The Heart Academy
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා තම පැවිදි දිවියම කැප කළ ස්වකීය විචිත්‍ර ධර්‍ම කථිකත්වයෙන් අප්‍රමාණ බොදුනු සිත් සතන් නිවා සනහාලූ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කැටවල හේමාලෝක හිමිපාණන් ස්වකීය දිවි ගමන නිමවා අපවත්වී වදාළහ. කලක් තිස්සේ ගිලන්ව පසුවූ හේමාලෝක හිමියන් ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්‍ශන ධර්‍ම නිකේතනාධිපතිව වැඩ විසූහ. උන්වහන්සේ ගමින් ගමට වැඩම කරමින් දෙසූ දම් දෙසුම්වලට වරෙක සුමියුරු කවි බණ ද ඇතුළත් කළහ. ඒ තුළින් මෝහයෙන් මුළාවී අන්ධකාරයේ උන් මිනිසුන් ප්‍රඥාවේ ආලෝකය කරා කැඳවාගෙන ගියහ. කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිය ලබා ඇති උන්වහන්සේ වරෙක අනියත ජීවිතය පිළිබඳ දෙසූ කවි බණ පද දෙකකි මේ. මා මළ දාට මගේ මළ කඳ ළඟින් සිට අනියත සිහි කරනු කියමින් විටින් විට මිනිසත් බවක් ලැබ විදසුන් වඩන් නට පාරමි පුරමු අම නිවනින් නිවෙන්නට ගව් සිය ගණන් උස් මණ්ඩප තනන් එපා මා මළ දාට හිස් කටයුතු කරනු එපා මගේ මළ කඳ ද පස් වන්නට හරිනු එපා වෙදැදුරු සිසුන් උස් දැනුමක් ලබති කපා උන්වහන්සේගේ අපවත්වීම සම්බුද්ධ ශාසනයට පිරිමැසිය නොහැකි පාඩුවකැයි ගැමුණු ජාතික ව්‍යාපාරය ද ඊයේ නිකුත් කළ නිවේදනයක දැක්වේ.
99mobile