FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඉල් පොහොය දා කිරිවෙහෙර ළඟ සැදැහැවතුන්ගෙන් පිරීයයි

FM Heart · 1 min read

The Heart Academy
ඉල් පුන් පොහෝ දිනය නිමිත්තෙන් ඊයේ (24දා) කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානය වැඳපුදා ගැනීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සැදැහැවතුන් විශාල පිරිසක් පැමිණ තිබේ. එහිදී දහසකට අධික පිරිසක් සීල සමාදාන වැඩසටහන් සඳහා එක්ව සිටි අතර, තවත් බොහෝ සැදැහැවත්හු ආගමික වතාවත්වල නිරත වීම සඳහා කතරගම පුදබිමට පැමිණ සිටියහ. කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති සහ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි දවස පුරා විශේෂ ආගමික වැඩසටහන් රැසක් ද සංවිධානය කර තිබුණි. එමෙන්ම ආගමික කටයුතු සඳහා පැමිණි සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ දන්සල් කිහිපයක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. ඒවා සංවිධානය කර තිබුණේ කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ ගිහි භාරකාර නිලමේ, ව්‍යාපාරික ශෂික බඹරැන්ද මහතාගේ ප්‍රධානත්වයෙනි. සූරියවැව – නුවන් ජයසේකර
99mobile