FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

බාලවයස් සිසුවිය කෙලෙසූ SI අවුරුදු 50ක් හිරගෙට

FM Heart · 3 min read

The Heart Academy
අම්මා රට ගිහින්:ආච්චි භාරයේ සිටි ලක්‍ෂ 10 ක වන්දියක් සහ ලක්‍ෂ 2ක දඩයකුත් නියම වෙයි මව විදේශගතවීම නිසා සිය මිත්තනිය භාරයේ ජීවත් වූ වයස අවුරුදු දාසයට අඩු බාලවයස්කාර තරුණියක රවටා නීත්‍යානුකූල භාරකාරත්වයෙන් රැගෙන ගොස් අපහරණය කිරීම හා දූෂණය කිරීම ඇතුළු චෝදනා හතරකට වරදකරු කරනු ලැබූ මැදිවියේ පසුවන විවාහක උප පොලිස් පරීක්ෂකවරයකුට බරපතළ වැඩ සහිත වසර පනහක (50) සිරදඬුවමක් නියම කළ කුරුණෑගල පූර්‍වගාමී මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා එකී සිරදඬුවම වසර 15 කින් එකවර ගෙවී යන ලෙස ලබාදීමට නියෝග කළේය. වින්දිත තරුණියට රුපියල් ලක්ෂ දහයක වන්දියක් ගෙවීමට ද අමරසිංහ හේවගේ රුවන් අමරසිංහ නමැති විත්තිකරුට නියම කළ විනිසුරුවරයා වරදකරු කරනු ලැබූ චෝදනා හතරට වෙන් වෙන්ව රුපියල් පනස්දහස (50000) බැගින් දඩ ගෙවීමට ද නියෝග කළේය. එවකට එම බාලවයස්කාර තරුණිය පදිංචි ප්‍රදේශයේ පිහිටි පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ විත්තිකාර උප පොලිස් පරීක්ෂකවරයා එම තරුණියට අසල්වැසියකුගෙන් සිදුවූයේ යැයි කියන ලිංගික අතවරයකට අදාළව ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ විමර්‍ශන භාරව සිටි නිලධාරියා බවත් විමර්‍ශන සිදු කරන මුවාවෙන් පැමිණ ඇගේ පියා සමග හිතවත්කමක් ගොඩනගාගෙන වැඩිහිටියන් නිවසේ නොමැති අවස්ථාවක නිල ඇඳුමෙන් මෙන්ම සිවිල් ඇඳුමෙන් ද සැරසී නිවසට පැමිණ තිබුණි. එකල පාසල් සිසුවියකු වූ එම බාලවයස්කාර දැරිය ඇසුරු කළ ඇගේ පෙම්වතා සම්බන්ධයෙන් ඒ වන විට පොලිස් විමර්‍ශනයක් ආරම්භ කොට තිබූ බවත් පෙම්වතා එම නඩුවෙන් බේරාදීමට නම් තමා සමඟ ලිංගික ඇසුරක් පවත්වන ලෙසටත් යෝජනා කර තිබූ විත්තිකරු එක් දිනක් රාත්‍රී අටට පමණ ඇගේ නිවසට පැමිණ විදුලිය විසන්ධි වී තිබූ අවස්ථාවක ඇයව ඇගේ කාමරයට කැඳවාගෙන ගොස් දූෂණය කර තිබූ බවත් සාක්ෂි මගින් අනාවරණය වී තිබුණි. ඉන්පසු විටින් විට ඇගේ නිවසට පැමිණ ඉක්මනින් පෙම්වතා මුදාහැරීමට පියවර ගන්නා බවට පොරොන්දු වෙමින් ඇය සමග ලිංගික ඇසුරක යෙදී තිබුණු විත්තිකරු නිල ඇඳුමෙන් සැරසී ඇගේ පාසල අසලට පැමිණ පාසල් නිල ඇඳුමෙන්ම ඇය යතුරුපැදියක නංවාගෙන සිය නිවසට රැගෙන ගොස් ලිංගික සංසර්‍ගයක යෙදී තිබූ බවත් එලෙස අවස්ථා කීපයකදීම ඇය ඔහුගේ නිවසට මෙන්ම වෙනත් ප්‍රදේශවල පිහිටි සංචාරක නිකේතන වෙත ද රැගෙන ගොස් තිබූ බවත් සාක්ෂි මගින් අනාවරණය වී තිබුණි. එම සිසුවිය නිරතුරුවම පාසල් නොයන බව නිරීක්‍ෂණය කළ ඇගේ මිතුරියන් ඒ බව ඇයගේ පියාට දැනුම්දීමෙන් පසුව මේ අපරාධය අනාවරණයේ වී තිබුණි. පසුව අධිකරණ නියෝග මත ඇය ළමා නිවාසයක රඳවා තිබූ බවත් ඒ වන විට දුරබැහැර ප්‍රදේශයක පිහිටි පොලිස් ස්ථානයකට මාරු කර යවා තිබූ විත්තිකරු එම තරුණිය එළිමහනේ දිය නාමින් සිටියදී තාප්පයේ තිබූ කුඩා සිදුරකින් මඤ්ඤොක්කා ලීයක ඇමුණු ලිපියක් මගින් සිය සබඳතාව පිළිබඳ සැබෑ තොරතුරු පොලිසියට හෝ වෙනත් කිසිවකුට හෙළි නොකරන ලෙසටත් කොහේ හිටියත් ඇයව තමා ළඟට ගන්නා බවටත් දන්නවා තිබුණි. ඉදිරිපත් වූ සියලු සාක්ෂි හා විශේෂඥ අධිකරණ වෛද්‍ය වාර්‍තා සලකා බැලූ විනිසුරුවරයා එම චෝදනා හතරටම විත්තිකරු වරදකරු බවට නිගමනය කොට සිරදඬුවම් නියම කළේය. ඒ. ජේ. ඒ. අබේනායක
99mobile