FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

අපි බදු ගහලා ගන්න සල්ලි ආපසු ජනතාවට සහන විදිහටම දෙනවා..- TB

FM Heart · 1 min read

The Heart Academy
උත්සව අවස්ථාවකට සහභාගී වෙමින් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, රජය ජනතාවගෙන් බදු මුදල් එක්‍රැස් කරනු ලබන්නේ එම ප්‍රතිලාභ යළිත් සහන ආකාරයෙන් ජනතාව වෙතම මුදාහැරීමේ අරමුණින් යුතුව බවයි. ඒ අනුව, වත්මන් වසර තුළ නිවාස ඉදිකිරීම් ආධාර ලෙස ලබාදුන් රුපියල් ලක්ෂ 10ක මුදල එළඹෙන වසරේදී රුපියල් ලක්ෂ 15 දක්වා වැඩි කිරීමට රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණය කර ඇති බව ඒ මහතා මෙහිදී අනාවරණය කළේය. එමෙන්ම ජාතික අයවැය කළමනාකරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මහා භාණ්ඩාගාරයේ පවතින සියලුම මුදල් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා පමණක් වෙන් කිරීමට රජයකට හැකියාවක් නොමැති බවයි. රටේ සමස්ත ආර්‍ථිකය ඉදිරියට ගෙනයාම සඳහා මහාමාර්‍ග ඇතුළු යටිතල පහසුකම් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය වෙනුවෙන් ද මුදල් වෙන්කිරීම අනිවාර්‍යයෙන්ම සිදුවිය යුතු කාර්‍යයක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
99mobile