FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ගුවන් යානයක් මුහුදට කඩා වැටෙයි..

FM Heart · 1 min read

The Heart Academy
Cessna 210 වර්‍ගයේ මෙම ගුවන් යානය මෙක්සිකෝ බොක්කේ මිසිසිපි ප්‍රාන්තයේ පැස්කගූලා සහ ගල්ෆ් අයිලන්ඩ්ස් ජාතික වෙරළ තීරයට අයත් හෝන් අයිලන්ඩ් අතර මුහුදු ප්‍රදේශයට කඩා වැටී ඇත. අනතුර සිදුවූ ප්‍රදේශය වෙත ළඟා වූ සහන කණ්ඩායම් විසින් ජලයේ පාවෙමින් තිබූ ජීවිතාරක්ෂක කබා තුනක්, ජීවිතාරක්ෂක පාරුවක් සහ ගුවන් යානයේ මැදිරි කොටස සොයාගනු ලැබුවද, යානයේ ගමන් ගත් වැඩිහිටියන් සිව්දෙනා සහ අවුරුදු 8ත් 10ත් යන වයස්වල පසුවූ පිරිමි දරුවන් දෙදෙනා මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව වෙරළාරක්ෂක බළකායේ ප්‍රකාශක ජුවාන් රොස් සඳහන් කළේය. 'ෆ්ලයිට්අවෙයා' වාර්‍තාවලට අනුව, අනතුරට පත් මෙම සෙස්නා යානය නිව් ඕර්‍ලියන්ස් සිට ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ෆෝට් මයර්‍ස් බලා පියාසර කරමින් තිබී ඇත. අනතුර පිළිබඳව විමර්‍ශන සිදුකිරීමට නියමිත අමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය සහ ජාතික ප්‍රවාහන ආරක්ෂක මණ්ඩලය ප්‍රකාශ කළේ තමන් මෙම සිදුවීම සම්බන්ධයෙන් දැනුවත්ව සිටින බවයි.
99mobile