FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

කිලිනොච්චිය වැවේ මසුන් මිය යාම ගැන සැකයක්

FM Heart · 1 min read

The Heart Academy
කිලිනොච්චිය නගරයේ පිහිටි කිලිනොච්චිය වැවේ මසුන් මියගොස් ඇත්තේ එම වැවේ ජලය ප්‍රමාණවත් පරිදි නොමැතිවීම සහ අඩු ජල මට්මට රත්වීම නිසා බවට සැක කෙරෙනවා. අදාළ වැවේ සොරොව්ව කැඩියාම හේතුවෙන් එහි ජලය යම් ප්‍රමාණයක් ඉවත් කිරීමට පසුගියදා කිලිනොච්චිය ධීවර හා ජලඡ සම්පත් කාර්‍යාලයේ නිලධාරීන් පියවර ගෙන තිබුණා. එවන් පසුබිමක් තුළ පසුගිය සෙනසුරාදා සිට කිලිනොච්චිය වැවේ සිටි මසුන් විශාල ප්‍රමාණයක් මිය යන්නට පටන් ගත් බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ. මේ හේතුවෙන් ප්‍රදේශය පුරා දැඩි දුර්‍ගන්ධයක් පැවතියා. ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් මත මියගිය එම මසුන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. යුද හමුදා, ධීවර හා ජලජ සම්පත් කාර්‍යාල සහ වාරිමාර්‍ග දෙපාර්‍තමේන්තු සේවකයින් මෙන්ම ප්‍රදේශවාසීන් එක්ව එම කටයුතු සිදුකර තිබුණා. කෙසේවෙතත් මසුන් මිය යාමට නිශ්චිත හේතුව සොයා අංශ කිහිපයක් යටතේ තවදුරටත් විමර්‍ශන ක්‍රියාත්මකයි. .
99mobile