
කිසිදු වෘත්තිය ක්‍රියාමාර්ගයකට අපි යට වෙන්නෑ..- නි. ඇමති මහින්ද ජයසිංහ
FM Heart · 2 min read
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් සියයට 65 ත් 80 ත් අතර ප්‍රමාණයකින් ඉහළ නැංවීමට වත්මන් රජය පියවර ගත් බව පෙන්වා දුන් ඒ මහතා, එම වැටුප් වැඩිකිරීමේ තුන්වන අදියර එළඹෙන ජනවාරි මාසයේ සිට සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුපට එක්වන බව සඳහන් කළේය. මෙම යථාර්ථය අමතක කරමින් ඇතැම් වෘත්තීය සමිති නායකයන් ජනතාවට සහ කම්කරුවන්ට කොළේ වසා බදු ගැසූ බවට සටන් පාඨ ඉදිරිපත් කරමින් සිටින බවත්, එලෙස රජය විසින් අලුතින් ඉහළ දැමූ එකදු බද්දක් හෝ නම් කරන ලෙස තමන් ඔවුන්ට අභියෝග කරන බවත් ඔහු පැවසීය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2048 දක්වා පටි තද කරගන්නා ලෙස ජනතාවට ප්‍රකාශ කළද, 2024 අගභාගයේදී පත්වූ වත්මන් රජය එම කාලසීමාව වසර 24 කින් ඉදිරියට ගෙනවිත් 2025 වසරේ සිටම ජනතාවට උපරිම සහන සැලසීමට කටයුතු කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සිහිපත් කළේය. මුළු රටෙන්ම පුද්ගලයන් දෙසීයක් හෝ තුන්සීයක් එකතු කරගත නොහැකි, රතු පාට තවරාගත් දේශපාලන කල්ලියක් විසින් විශේෂයෙන්ම සංවර්ධන නිලධාරීන් නොමග යවමින් පරාජිත විපක්ෂයේ උවමනාවන් ඉටුකිරීමට වෙහෙසෙමින් සිටින බවට චෝදනා කළ මහින්ද ජයසිංහ මහතා, "සොරි... අපි ඒ කිසිවකට යටවෙන්නෙවත් නැමෙන්නෙවත් නෑ" යනුවෙන් අවධාරණය කරමින් මෙවැනි පටු දේශපාලන කුමන්ත්රණවලට හසු නොවන ලෙස සමස්ත වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

