FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

පාර්‍ලිමේන්තු මන්ත්‍රී වැසිකිලියක් විවෘත කරයි..

FM Heart · 1 min read

The Heart Academy
රජයේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වූ මෙම සංවර්‍ධන ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 18.5 කි. සබරගමුව සහ ඌව පළාත් යා කෙරෙන ප්‍රධාන මංසන්ධියක් බඳු බලංගොඩ නගරය හරහා ගමන් ගන්නා මගීන්ට කාලාන්තරයක් තිස්සේ පැවති ප්‍රධාන ගැටලුවක් වූයේ විධිමත් පොදු සනීපාරක්ෂක පහසුකම් නොමැතිකමයි. ඊට විසඳුමක් ලබා දෙමින්, පාර්‍ලිමේන්තු මන්ත්‍රී වසන්ත පුෂ්පකුමාර මහතාගේ මූලික මැදිහත්වීම මත මෙම ව්‍යාපෘතිය ආරම්භ වූ අතර, සමස්ත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ පූර්‍ණ අධීක්ෂණ හා කළමනාකරණ කටයුතු බලංගොඩ නගර සභාව විසින් මෙහෙයවන ලදී. ප්‍රතිනිර්‍මාණය කරන ලද මෙම සංකීර්‍ණය සාමාන්‍ය මහජනතාවට අමතරව විශේෂ අවශ්‍යතා සහිත (ආබාධිත) පුද්ගලයන්ට මෙන්ම කුඩා දරුවන්ට ද කිසිදු බාධාවකින් තොරව භාවිත කළ හැකි පරිදි පරිශීලක-හිතකාමී (Universal Design) ආකෘතියකට අනුව නිමවා තිබීම කැපී පෙනේ. රාත්‍රී කාලයේදී පවා ආරක්ෂිතව පරිහරණය කළ හැකි අයුරින් ප්‍රමාණවත් ආලෝකකරණ පද්ධති සවි කර ඇති අතර, නාගරික සුන්දරත්වය ඉස්මතු වන පරිදි බාහිර පරිසරය විසිතුරු මල් සහ පැළෑටිවලින් අලංකාරවත් කර තිබේ. මෙහි ඇති සුවිශේෂීම පාරිසරික සහ ආර්‍ථිකමය සාධකය වන්නේ, අපජලය විධිමත් ලෙස පිරිපහදු කර බැහැර කළ හැකි නවීන ගලි පද්ධතියක් (Wastewater Treatment System) ස්ථාපනය කර තිබීමයි.
99mobile