FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

අවධානම් බෑවුම්වල පාරවල්වලට ආරක්ෂිත යකඩ වැටවල් සවි කරයි..

FM Heart · 1 min read

The Heart Academy
ජාත්‍යන්තර ප්‍රමිතියට සහ තාක්ෂනයට අනුකූලව මෙම ආරක්ෂිත වැට හැටන් කොළඹ ප්‍රධාන මාර්‍ගයේ කිතුල්ගල සිට තලවකැලේ දක්වාත්, තලවකැලේ සිට පුඩළුඔය මාර්‍ගයේත්, ගිනිගත්හේන දියගල හරහා ශ්‍රි පාද මාර්‍ගයේත් කිලෝමීටර් 10.5ක් දුරට මෙම වසර අවසාන වීමට ප්‍රථම මෙම ආරක්ෂිත යකඩ වැට ඉදි කර අවසන් කරන බවයි නුවරඑළිය දිස්ත්‍රික් සංවර්‍ධන කමිටුවේ සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්‍ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවිආරච්චි මහතා පැවසූවේ. එම මාර්‍ගවල පසුගිය කාලය තුල සිදු වූ අධික රිය අනතුරු හේතුවෙන් මෙම ආරක්ෂිත වැට ඉදි කිරිමට කටයුතු කල බවත්, සහ 2026-2027 ශ්‍රි පාද වන්දනාවාරය ආරම්භ කිරිමට ප්‍රථම මෙම ආරක්ෂිත වැට ඉදි කර අවසන් කරන බවයි මංජුල සුරවීරආරච්චි මන්ත්‍රීවරයා කියා සිටියේ. තවද, රාත්‍රී කාලයේ එම මාර්‍ගවල වාහන ධාවනය කිරිමේදි රියදුරාට එම ආරක්ෂිත වැට පැහැදිලිව දිස්වන ආකාරයට එළියක් විහිදුවන ආකාරයේ සංඥාවක්ද එම ආරක්ෂිත වැට තුලින් නිකුත් කරනු ලබයි.
99mobile