
මෙවර අයවැය එකගතාවලින් පිට...?
FM Heart · 1 min read
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2027 අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවි කරුණානායක මහතා පෙන්වා දුන්නේ, වර්‍තමානය වන විට රටේ උද්ධමනය සියයට 8.3ක් වැනි ඉහළ අගයක පවතින පසුබිමක, මහජනතාව මුහුණ දෙන ජීවන වියදම් පීඩනය ලිහිල් කිරීම සඳහා අයවැය ලේඛනයෙන් කිසිදු ඍජු විසඳුමක් හෝ මාර්‍ගයක් ඉදිරිපත් කර නොමැති බවයි. "මේක පළවෙනි වතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි තුළ වැඩ කරන්නේ නැති අයවැයක් හැටියට දකින්න පුළුවන්. හැබැයි මේ අයවැය හරහා ජනතාවගේ ජීවන වියදම අඩු කරන්න ගත් ක්‍රියාමාර්‍ග මොනවාද කියලා මට නම් පෙනෙන්න නැහැ. විශේෂයෙන්ම අද වන විට උද්ධමනය සියයට 8.3ක් දක්වා ඉහළ ගිහින් තියෙන වාතාවරණයක, ඒ සඳහා ඍජු පිළිතුරක් මෙහි අන්තර්‍ගත වෙලා නැහැ. ඒ වගේම සමස්තයක් වශයෙන් ගත්තාම රටේ ආර්‍ථිකය නිශ්චිත ඉලක්කයක් කරා ඉදිරියට ගෙනියන්න පුළුවන් පැහැදිලි මාවතක් මේ අයවැය තුළින් දැකගන්න ලැබෙන්නේ නැහැ" යනුවෙන් ද හෙතෙම අවධාරණය කර සිටියේය.

