
අයවැය කියන්නේ සල්ලි බෙදාගෙන බෙදාගෙන යාමක් නොවෙයි..
FM Heart · 1 min read
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සාම්ප්‍රදායික අයවැය ලේඛන පිළිබඳ ජනතාව තුළ පවතින ආකල්පය සහ වත්මන් රජයේ ප්‍රතිපත්තිමය ප්‍රවේශය අතර වෙනස පැහැදිලි කරමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය. "අතීතයේ සිටම අයවැයක් දෙස බලද්දී බොහෝ දෙනා බලාපොරොත්තු වුණේ සහ දැක්කේ ආණ්ඩුව උපයන ආදායම විවිධ පැතිවලට බෙදලා දෙන ආකාරය පමණයි. නමුත් අයවැයක් කියන්නේ හුදෙක් ආදායම් බෙදාහැරීමක් සිදු කරන ලියවිල්ලක් නොවේ. මෙවර අයවැය තුළින් අප පැහැදිලිවම පෙන්වා දුන්නේ, සැබවින්ම රැකවරණය සහ සහන ලැබිය යුතු ඉලක්කගත ජන කණ්ඩායම් වෙත එම සහන නිසි ලෙස ලබාදෙන අතරතුර, රටේ නිෂ්පාදන ආර්‍ථිකය හා දීර්‍ඝකාලීන ආර්‍ථික පරිවර්‍තනය උදෙසා අවශ්‍ය ස්ථාවර පදනම ගොඩනඟන්නේ කෙසේද යන්නයි."

