ලංකාව දෙසට කුණාටුවක් එනවා...
FM Heart · 2 min read
ශ්‍රී ලංකාවට බලපා ඇති දෙවන අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය මේ වන විට වඩාත් සක්‍රීය වී ඇති බැවින් දිවයිනේ ප්‍රදේශ රැසකට සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබීමේ ප්‍රවණතාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ (අනාවැකි) මෙරිල් මෙන්ඩිස් මහතා පෙන්වා දෙයි ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පිහිටි බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ තවත් කාලගුණික පද්ධතියක් වර්ධනය වෙමින් පවතින බව මෙන්ඩිස් මහතා සඳහන් කළේය මෙම වායුගෝලීය කැළඹිලි තත්ත්වය නොවැම්බර් 13 වැනිදා පමණ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව ද ඔහු පැහැදිලි කළේය දැනට පවතින කාලගුණ දත්ත අනුව, මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට සමාන්තරව උතුරු දෙසට ගමන් කරමින් ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය දෙසට ගමන් කිරීමේ වැඩි හැකියාවක් පවතින බව ඔහු පෙන්වා දුන්නේය ඒ අනුව, මෙම පද්ධතිය සෘජුවම ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ හැකියාව දැනට පවතින දත්ත අනුව සාපේක්ෂව අඩු මට්ටමක පවතින බව ද මෙන්ඩිස් මහතා සඳහන් කළේය කෙසේ වෙතත්, මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් නොවැම්බර් 13, 14 සහ 15 යන දිනවලදී මෙන්ම ඉන් අනතුරුව ද දිවයිනේ වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව ඔහු අනාවැකි පළ කළේය විශේෂයෙන්ම උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ බස්නාහිර පළාත්වලට නොවැම්බර් 14 සහ 15 යන දිනවලදී වැඩි වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් පවතින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය පවතින කාලගුණික තත්ත්වය සහ ඉදිරි දින කිහිපයේදී ඇතිවිය හැකි වර්ෂාපතන වර්ධනය සැලකිල්ලට ගනිමින්, ඉදිරියේදී නිකුත් කරනු ලබන කාලගුණ අනාවැකි සහ නිල කාලගුණ නිවේදන පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් එසේම පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා අවදානම් අවමකරගැනීමට කටයුතු කරන මෙන් සහ යම් ආපදා අවදානම් තත්ත්වයක් පවතීනම් ආපදා කළමනාකරණ මධ්‍යසථාන හදිසි මෙහෙයුම් අංක 117 අමතන ලෙසත් ජනතාවට දැනුම් දේ විශේෂයෙන්ම තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ප්‍රදේශවල ජනතාව කාලගුණික වෙනස්වීම් පිළිබඳව අවධානයෙන් පසුවීමත්, අදාළ බලධාරීන් විසින් නිකුත් කරනු ලබන උපදෙස් හා අනතුරු ඇඟවීම් අනුව අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත් ජනතාවට දැනුම් දේ

