FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

බත් කන එක තුනෙක් දෙකකින් අඩු කරන්න… ඒක කෘෂිකර්‍මාන්තයටත් උදව්වක්…! – කෘෂිකර්‍ම ඇමති..

FM Heart · 1 min read

The Heart Academy
රාජ්‍ය සේවකයන්ට බත් කරන ප්‍රමාණය තුනෙන් දෙකක් අඩු කරන ලෙස තමන් ඉල්ලා සිටින බව කෘෂිකර්‍ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි. ”දැන් සමහර අයට බඩගිනි ඇති. මම නම් දවල්ට කන්නේ නෑ. රාජ්‍ය සේවකයාටත් මම කරන යෝජනාව දැනට කන බත්වලින් 3න් 2ක් අඩුකරන්න. මේවා කිව්වාම බැනුම් අහනවා. වේල් තුනම කනවා කියන්නේ කාබෝහයිඩ්‍රේට් වැඩියි. මේ කියන්නේ බත් කන එකම නෙමෙයි. නැත්නම් මේක පාන් පිටි කොන්ත්‍රාත් එකක් කියන්නත් පුළුවන්. ඒ නිසා කාබෝහයිඩ්‍රේට් ගන්න ප්‍රමාණය අඩුකරන්න. ඒක අපේ කෘෂිකර්‍මාන්තයටත් වටිනා ජාතික උදව්වක්.” ඇමති කේ.ඩී. ලාල්කාන්ත මේ බව ප්‍රකාශ කළේ උත්සව අවස්ථාවක් අමතමිණි.
99mobile