
මන්ත්‍රී පිරිසක් කුණු ටැක්ටරේ රියදුරුට පිස්තෝල පෙන්නා තර්ජනය කරති...
FM Heart · 2 min read
පැමිණිලිකරු සඳහන් කරන ආකාරයට වෑන් රථයේ සිටි එක් අයකු පිස්තෝලයක් තමන් දෙසට එල්ල කර මරණිය තර්ජන සිදුකළ බවත්, අඉන් අනතුරුව ජයතිලක ක්‍රීඩාංගණය අසලට ගොස් එතැන් සිට දුරකථන මාර්ගයෙන් ආසන සංවිධායකවරයාගේ හඬින් යුතුවම තමාට තර්ජනය කළ බව නාවලපිටිය නගර සභාවේ කුණු එකතු කිරීමේ ලොරි රථයේ රියදුරු කියා සිටියි. ආසන සංවිධායකවරයා තමන්ට මෙසේ නිතර මරණීය තර්ජන සිදුකිරීමට හේතුව ලෙස පැමිණිලිකරු කරුණු සඳහන් කරන්නේ පසුගිය මැතිවරණයේදී ප්‍රාදේශීය සභාවේ බෝනස් මන්ත්‍රී ධූරයක් ලබාදීම වෙනුවෙන් ආසන සංවිධායකවරයා තමන්ගෙන් ලක්ෂ 05 ක මුදලක් ඉල්ලා සිටි බවත්, තමන් එය ලබාදීමට අකමැති වී ඇති වූ බහින්බස්වීම බවයි. (05) දිනයේ නාවලපිටිය පස්භාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ 2027 අයවැය කෙටුම්පත සජබ මන්ත්‍රීවරුන් ඇතුළු විපක්ෂය එකතුව පරාජයට පත් කිරීමෙන් අනතුරුව තිබූ මත්පැන් සාදයකින් අනතුරුව මෙසේ සංවිධායකවරයා සහ පිරිස තමන්ට තර්ජනය කළ බවයි. අයවැය කෙටුම්පත සහ අයවැය පිළිබඳ අතර වෙනස නොදන්නා මෙවැනි උඩඟු සංවිධායකවරයෙක් යටතේ සිටීමට අකමැති සජඹ පාක්ෂිකයන් වෙනම කන්ඩායමක් ලෙස දේශපාලනය කිරීම නිසා නාවලපිටිය ආසනය තුළ සජබෙහි ඡන්ද පදනම අඩු වී ඇති බවත්, නාවලපිටිය සහ හැටන් උසාවි දෙකකට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර පෙනී නොසිටින සංවිධායකවරයා අවිආයුධ සමග නගරයේ සැරිසරන්නේ කෙසේද යන්න ප්‍රශ්නයක් බවත්, මේ පිළිබඳ විධිමත් විමර්ශනයක් කර තමන්ට සාධාරණයක් ඉටු විය යුතු බව රියදුරු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි. මේ පිළිබඳ අප නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති කේ.එම්. කුලතුංග මහතාගෙන් කළ විමසීමකදී ඉදිරි විමර්ශන ආරම්භ කර ඇති බවත්, නිසියාකාරයෙන් නීතියක් සිදුකිරීමට තමන් බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කළහ.

