
අතට-අත නැතිවේ
FM Heart · 1 min read
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට නිල වශයෙන් පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකි බව මැතිවරණ කොමිසම එම පක්ෂයේ පාර්‍ශ්වයන්ට දැනුම්දී තිබේ. ඒ අනුව, නිලවරණයක් පැවැත්වීම ඇතුළු අවශ්‍ය නිර්‍ණායක සපුරාලීමෙන් පසු පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචිවීමට යළි ඉල්ලීමක් ඉදිරිපත් කරන ලෙස කොමිසම දැනුම්දී ඇත. එම පක්ෂයේ පාර්‍ශව කිහිපයක් මැතිවරණ කොමිසමට ගෙන්වා මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ බව ප්‍රකාශ කළේය. එම පිරිසට දයාසිරි ජයසේකර, නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළත් වන සිටි බව සඳහන්‍ය.

