FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ප්‍රධාන පොලිස් පරීක්‍ෂක වරුණි බෝගහවත්ත ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

FM Heart · 1 min read

The Heart Academy
කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ලබන 20 වනදා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා ලබාදුන් නියෝගයක් මතයි. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ විමර්‍ශන අවසන් කර ඒ සම්බන්ධයෙන් ලබන 20 වනදා අධිකරණයට කරුණු වාර්‍තා කරන බවයි. මෝටර් රථයක් මිලදී ගැනීමට සහ එහි කල්බදු වාරික ගෙවීමට මුදල් ලැබුණු ආකාරය තහවුරු කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් වරුණි බෝගහවත්ත මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා. .
99mobile