FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

පෝලන්තයේ සිට ශීත ඍතු ගුවන් ගමන් ඇරඹෙයි

FM Heart · 1 min read

The Heart Academy
යුරෝපය පුරා ශීත ඍතුව ආරම්භ වීමත් සමගම පෝලන්තයේ සිට ශීත ඍතුව වෙනුවෙන් සිදු කෙරෙන ගුවන් ගමන් ආරම්භ කරමින් , එරට ප්‍රධාන නගර 03 ක සිට ගුවන් යානා 03 ක් , සිය මංගල ගුවන් ගමන් ආරම්භ කරමින් , එරට සංචාරකයන් 550 දෙනෙකු රැගෙන අද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා. ඒ අනුව එන්ටර් එයාර් ගුවන් සේවයේ ගුවන් යානා , පෝලන්තයේ කැතොවිස් නුවර, පොස්නන් නුවර සහ වෝර්‍සෝ නුවර සිට පැමිණ තිබෙනවා. බෝයිං – 737 වර්‍ගයේ ගුවන් යානා තුනකුයි එලෙස පැමිණ ඇත්තේ. ඒ අනුව සෑම දින 10 කට වරක් ලබන වසරේ අප්‍රේල් 2 වනදා දක්වා එම නගරවල සිට දිවයිනට ගුවන් යානා පැමිණීමට නියමිතයි. පෝලන්තය සහ ශ්‍රී ලංකාව අතර මෙම ශීත ඍතු ගුවන් ගමන් සේවා වසර 15ක සිට ක්‍රියාත්මක වනවා. .
99mobile