
බෞද්ද භික්ෂුවට අද පර සුද්දන්ගේ පාලන සමයටත් වඩා අගතියක් සිදුවෙලා...
FM Heart · 4 min read
Google AdSense
After Featured Image
කිසිදු අපරාධ ක්‍රියාවකට සම්බන්ධ නොවී, ආගම් භේදයකින් තොරව අන්තවාදයට එරෙහිව හඬ නැඟූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නීත්‍යනුකූල ක්‍රමවේදයක් යටතේ ජනාධිපති සමාව ලබාදිය යුතු බව නුවරඑළිය විහාරාධිපති සංගමය නියෝජනය කරමින් පූජ්‍ය මාකදුරේ රතන හිමියෝ සහ පූජ්‍ය කළුගහකඳුරේ විජිත හිමියෝ පැවසූහ. ඥානසාර හිමියන් සම්බන්ධයෙන් මේ වන විට සිදුවෙමින් පවතින ක්‍රියාමාර්‍ග හේතුවෙන් භික්ෂුවකගේ ගරුත්වයට පර සුද්දන්ගේ පාලන සමයටත් වඩා බරපතළ අගතියක් සිදුව ඇති බව උන්වහන්සේලා චෝදනා කළහ. “ඥානසාර හිමියන්ට සිදුවී තිබෙන්නේ එක් භික්ෂුවකට එරෙහි නීතිමය ක්‍රියාමාර්‍ගයක් පමණක් නොවෙයි. භික්ෂුවකගේ ගරුත්වයට පර සුද්දන්ගේ පාලන කාලයටත් වඩා අගතියක් සිදුවෙලා. මේ පිළිබඳව මහා සංඝරත්නයත් රටේ වගකිවයුතු පාර්‍ශ්වයනුත් වහාම අවධානය යොමු කළ යුතුයි” යැයි උන්වහන්සේලා පැවසූහ. එමෙන්ම ඥානසාර හිමියන් සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් සහ සංඝ සභා නියෝජනය කරන භික්ෂූන් වහන්සේලා නිහඬව සිටින්නේ කිසියම් පාලක පක්ෂයක දේශපාලන බලපෑමක් හේතුවෙන්දැයි සැකයක් පවතින බවද උන්වහන්සේලා චෝදනා කළහ. “එවැනි බලපෑමක් නොමැති නම් මේ පිළිබඳව වහාම අවධානය යොමු කර ඥානසාර හිමියන් වෙනුවෙන් සාධාරණ මැදිහත්වීමක් සිදුකරන්නැයි අපි මහානායක හිමිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා” යැයිද උන්වහන්සේලා සඳහන් කළහ. අධිකරණයට අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් නියම වූ සිර දඬුවමේ ඉතිරි කාලය ගෙවමින් සිටින ඥානසාර හිමියන්ට, මීට පෙර ලබාදී තිබූ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කිරීමෙන් අනතුරුව නැවත සිරගත කිරීමට සිදුව තිබේ. මෙවැනි තත්ත්වයක් තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ව්‍යවස්ථානුකූල බලතල යටතේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සානුකම්පිත තීරණයක් ගෙන ජනාධිපති සමාව ලබාදීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බවද පූජ්‍ය මාකදුරේ රතන හිමියෝ සහ පූජ්‍ය කළුගහකඳුරේ විජිත හිමියෝ වැඩිදුරටත් පැවසූහ. ආර්.එෆ්.එම්.සුහෙල් Calls for Presidential Pardon for Controversial Monk Amid Legal Challenges In a rallying cry against extremism, prominent Buddhist monks have urged President Ranil Wickremesinghe to grant a presidential pardon to Venerable Gnanasara Thera, who has faced significant legal challenges. This appeal came from the association of temple heads in Nuwara Eliya, represented by Venerable Makadura Rathana Thera and Venerable Kalugahakadura Vijitha Thera. The monks criticized the ongoing legal actions against Gnanasara, arguing that they have cast a severe shadow over the dignity of the monastic order in a manner more damaging than during times of foreign rule. They emphasized that the current treatment of Gnanasara goes beyond mere legal proceedings against an individual monk. “What has transpired is not just a legal action against one monk, but a serious affront to the dignity of all monks, worse than under colonial governance. The Maha Sangha and responsible parties in the nation must take immediate notice,” they asserted. Concerns were also raised about the silence of the high-ranking monks and monastic councils regarding this matter, with suspicions of political influence from a ruling party clouding their response. The monks urged the senior clergy to disregard any such pressures and to advocate for a fair intervention on behalf of Gnanasara. “If there are no such pressures, we call upon the Maha Nayaka Theras to urgently address this situation and to facilitate a just resolution for Venerable Gnanasara,” they stated. The severe prison sentence facing Gnanasara, related to contempt of court, was reinstated after the Supreme Court annulled a previous presidential pardon. Given these circumstances, the monks argue that President Anura Kumara Dissanayake should act within constitutional powers to reconsider a compassionate decision regarding Gnanasara. The urgency of their plea underscores the entwined fates of both the monk and the broader monastic community, as they navigate a complex landscape of legal and political pressures. — R.F.M. Suheel *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

