
රෝහිත බෝගොල්ලාගම නඩුව අවසන් වන තෙක් රිමාන්ඩ්...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
නඩු විභාගය සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් විත්තිකරු දුටුතැන අත්අඩංගුවට ගන්නා ලෙසට මහාධිකරණය මඟින් මීට පෙර විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබූ අතර, ඒ අනුව ක්‍රියාත්මක වූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්‍ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි. ලන්ඩන් නුවර පැවති ආයෝජන ප්‍රවර්‍ධන මණ්ඩලයේ ප්‍රදර්‍ශනයකට සහභාගී වී, රාජ්‍ය මූල්‍ය රෙගුලාසිවලට පටහැනි අයුරින් රුපියල් ලක්ෂ පහළොවකට අධික මුදලක් ගෙවීම සඳහා ආයෝජන ප්‍රවර්‍ධන මණ්ඩලයේ සභාපතිවරයාව පෙලඹවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව පවරා ඇත. අදාළ නඩු කටයුත්ත සඳහා දීර්‍ඝ කාලයක් තිස්සේ අධිකරණය මඟහරිමින් සැඟව සිටීම හේතුවෙන් මහාධිකරණය මඟින් ඔහුට එරෙහිව මෙලෙස වරෙන්තු නිකුත් කර තිබිණි.
Google AdSense
In-Article Ad

