
‘මහින්ද රාජපක්‍ෂ’ කතාව චිත්‍රපටයකට.. ප්‍රධාන නළුවා කේරලයෙන් ගෙනේ.. නාමල් බෑ කියයි...
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
ජනතා විමුක්ති පෙරමුණ පාදක කරගනිමින් නිර්‍මාණය වූ 'ගින්නෙන් උපන් සීතල' සිනමාපටයේ නිෂ්පාදක ජයලත් පීරිස් මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිත කතාව සිනමාවට නැගීමට සැලසුම් කර ඇති බව වාර්‍තා වේ. අදාළ චිත්‍රපට ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නිෂ්පාදකවරයා පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හමුවී ඇත්තේ බන්ධනාගාරයේදීය. එම හමුවේදී නිෂ්පාදක ජයලත් පීරිස් මහතා මන්ත්‍රීවරයාට යෝජනා කර ඇත්තේ, "මම තාත්තගේ චරිතය චිත්‍රපටයකට ගේනවා, ඔයා එන්න ප්‍රධාන චරිතයට," යනුවෙනි. කෙසේවෙතත්, එම ආරාධනය ප්‍රතික්ෂේප කර ඇති නාමල් රාජපක්ෂ මහතා, තමන්ට රංගන හැකියාවක් නොමැති බව සඳහන් කර තිබේ. ඒ වෙනුවට එම චරිතය සඳහා කේරල සිනමාවේ දක්ෂ රංගන ශිල්පීන් සිටින බැවින්, ඒ සඳහා ගැළපෙන නළුවෙකු සොයා දීමට තමන් කටයුතු සම්පාදනය කරන බවට මන්ත්‍රීවරයා එහිදී පොරොන්දු වී ඇතැයි වාර්‍තා වේ. Film on Former President Mahinda Rajapaksa in the Works Plans are underway for a film titled "Born from Fire," based on the life story of former President Mahinda Rajapaksa, with producer Jayalath Peiris at the helm, drawing inspiration from the Janatha Vimukthi Peramuna (JVP). Producer Peiris recently engaged in discussions about the film project with Member of Parliament Namal Rajapaksa during a meeting at a correctional facility. During their conversation, Peiris proposed to Rajapaksa, "I am bringing your father's character to the film, and you should play the lead role." However, Namal Rajapaksa declined the offer, stating he lacks acting skills. Instead, he assured that he would assist in finding a suitable actor for the role, highlighting that there are talented performers in the Kerala film industry who would fit the character perfectly. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

