FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ජනාධිපතිට ජීවන බර තේරෙන්නෑ.. ඔහු පවුල් ජීවිතයක් ගෙවන්නෑ...- අජිත් පෙරේරා

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

වත්මන් ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවේ ප්‍රධානීන්ට සාමාන්‍ය ජනතාව මුහුණ දෙන ජීවන බර පිළිබඳ කිසිදු හැඟීමක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්‍ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ, පවතින දැඩි ජීවන බර පිළිබඳ සැබෑ හැඟීමක් සහ අවබෝධයක් ලැබීමට නම් පවුල් ජීවිතයක් ගතකරන, නිවසක ජීවත්වෙමින් තමන්ගේම විදුලි බිල සහ දුරකථන බිල ගෙවන පුද්ගලයෙකු විය යුතු බවයි. මෙරට අතිමහත් බහුතරයක් ජනතාව එවැනි සාමාන්‍ය ජීවිතයක් ගතකරමින් එම පීඩනය දරාගන්නා නමුදු, වත්මන් ආණ්ඩුවේ වැඩිදෙනෙකු සිය ජීවිත කාලය තුළ කිසිදිනක තමන්ගේ විදුලි බිලක්වත් ගෙවා නොමැති බව හෙතෙම පෙන්වා දුන්නේය. එමෙන්ම තමන්ගේ වියදම සඳහා ආහාර පාන පවා උපයාගෙන වියදම් කර නොමැති පිරිසක් පාලනය මෙහෙයවන තාක් ජනතා ප්‍රශ්නවලට නිසි විසඳුම් නොලැබෙන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Google AdSense

In-Article Ad