
මහින්දගේ අවුරුදු නවයටම වඩා අනුරගේ ආණ්ඩුව අවුරුදු දෙකෙන් හොරකම් කළා…!
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ජාතික ජන බලවේග ආණ්ඩුවේ වසර දෙකක වංචා දූෂණවල වටිනාකම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වසර නවයක වංචා දූෂණවල වටිනාකමට වඩා වැඩි බව දේශපාලන විශ්ලේෂක මාධ්‍යවේදී කුසල් පෙරේරා පවසයි. මෙම ආණ්ඩුව බලයට පත් විගස පරික්ෂාවකින් තොරව රේගුවෙන් පැන්නූ කන්ටේනර් 323 නිසා රටට සිදු වූ පාඩුව එහි තිබූ ද්‍රව්‍ය පිළිබඳ පරික්ෂාවකින් තොරව බිලියන 8 නැත්නම් 10ක් ලෙස ගණනය කළ නොහැකි බවද ඔහු අවධාරණය කරයි. රට තුළ හමු වන අයිස් තොග අනුව මෙම කන්ටේනර්‍වල පැවතියේ අයිස් දැයි සැක සිතෙන නමුත් රටට බදු නොගෙවා මිල අධික අති විශාල භාණ්ඩ තොගයක් මෙමගින් රට තුළට ගෙන ඇති බවද එය යහපාලන ආණ්ඩුවේ මහ බැංකු වංචාවට වඩා අති විශාල හොරකමක් බවද කුසල් පෙරේරා ප්‍රකාශ කරයි. බාල අඟුරු නැව් 19ක් රටට ගෙන්වා අති විශාල වංචාවක් සිදුකළ බවත් ඒ නිසා විදුලි උත්පාදනය පහත වැටෙන විට ඩීසල් මගින් විදුලිය ජනනය කරමින් තව තවත් රටට පාඩු කළ බවටත් ඔහු චෝදන කරයි. වසර දෙකක් තිස්සේ සිය අමාත්‍යංශවල කටයුතු පවා නිවරදිව සිදුනොකර දිගින් දිගටම හොරකම් කරන ආණ්ඩුවක් ඉදිරි වසර තුන තුළ රට ගොඩනගනු ඇතැයි කිසිවෙකු විශ්වාස කරන්නේ දැයි කුසල් පෙරේරා ප්‍රශ්න කරයි. ඔහු මේ බව පැවසුවේ ලංකාවොයිස් අන්තර්‍ජාල නාලිකාව සමග සාකච්ඡාවකට එකතු වෙමිනි. -emanisa
Google AdSense
In-Article Ad

