FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

තොණ්ඩමන් එක්ක මාලිමා මන්ත්‍රී හැප්පෙයි...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මාධ්‍යට (14) දින විශේෂ ප්‍රකාශයක් කරමින් මංජුල සුරවිආරච්චි මහතා කියා සිටියේ. දිට්වා සුළි කුණාටුවෙන් පූර්‍ණ හානි වූ වතු නිවාස 797ක්, අර්‍ධ හානි සිදු වූ වතු නිවාස 627ක් පැවති රජයන් සමයේ ඉදි කිරිම් කටයුතු අතරමග නතර කල නිවාස 284ක ඉදි කිරිම් මේ වනවිට ආරම්භ කර ඇති බවයි. වසර ගණනාවක් බලයේ රැදී සිටි තොන්ඩමන්ලාට විසදන්නට බැරි වූ වතු නිවාස ගැටළුව වත්මන් රජය හමුවේ විසදුම් ලබා දෙන බවත්, ජනතා වතු සංවර්‍ධන මණ්ඩලයේ වසර 20ක් කාලයක් ගෙවීමට නොහැකිව තිබූ සේවක පාරිතෝෂිත දීමනා වෙනුවෙන් රජය රු.බිලියන 4.5ක මුදලක් මේ වන විට ගෙවා ඇති බවයි. වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිමද වත්මන් රජය විසින් සිදු කර ඇති බවත්, වතුකරයේ ජනතාව රජය කෙරෙහි විශ්වාසයක් ඇති බවත්, එම විශ්වාසය කඩ නොකර වතුකම්කරුවන්ගේ යටිතල පහසුකම් නංවාලීමට පියවර ගන්නා බවයි මංජුල සුරවීරආරච්චි මහතා කියා සිටියේ. තවද, හැටන් නගරයේ පිහිටි කලාප අධ්‍යාපන කාර්‍යාලය ගිනිගත්හේනට රැගෙන යන බවට තොන්ඩමන් මහතා විසින් කර ඇති ප්‍රකාශයද පදනම් විරහිත ප්‍රකාශයක් බවයි මංජුල සුරවීආරච්චි මහතා කියා සිටියේ.

Google AdSense

In-Article Ad