
නාමල් හිරේ යන එක නවත්වන්න බෑ... රාජපක්‍ෂ කෙනෙක් යලි ජනාධිපති කරන්න මිනිස්සුන්ට පිස්සු නැ - හේෂා විතානගේ
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
සිරගතව සිටින නාමල් රාජපක්ෂට ඇති චෝදනා ඇත්ත නම් ඔහු සිරගෙවල් දහයක සිටින එක නතර කළ නොහැකි බව සජබ පාර්‍ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි. 2022 රට බංකොලොත් කළ රාජපක්ෂවරයෙකු නැවත ජනාධිපති ධුරයට පත්කිරීමට මේ රටේ ජනතාවට ඔළුවේ අමාරුවක් නොමැති බවද ඔහු අවධාරණය කරයි. 2029 මෙයා තමයි හොඳ කොල්ලා යැයි කියමින් ජනාධිපති කරවීමට යමෙක් අත උස්සයි නම් ඔවුන් කන මිනිස්සු වෙන්න බැරි බවද හේෂා විතානගේ ප්‍රකාශ කරයි. තමන්ට මෙන් නොව රාජපක්ෂලාට මුදල් ඇති නිසා ඕනෑම වෙලාවක බස් ටිකකින් සෙනග ඇද ජනරැලි කළ හැකි වුවද ඒ ගැන එතරම් සිතීමේ අවශ්‍යතාවක් නොමැති බවද ඔහු පෙන්වා දෙයි. සජබ ජනහමුවක් අමතමින් හේෂා විතානගේ මහතා මේ බව කීය.
Google AdSense
In-Article Ad

